ඉන්දුනීසියාවේ ගිනිකඳු පිපිරීමක්! Sydney, Melbourne ගුවන් ගමන් සිය ගණනක් Cancel!

ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනිකන්ද එකපාරටම සක්‍රිය වී දැවැන්ත ලෙස අළු සහ දුම් පිටකිරීමත් සමඟ, එරට ගුවන් තොටුපළවල් 6 ක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම හදිසි තත්ත්වය නිසා Qantas, Singapore Airlines, Cathay Pacific ඇතුළු ප්‍රධාන ගුවන් සේවා රැසක ගුවන් ගමන් 200 කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී හෝ ප්‍රමාද වී ඇති අතර, මගීන් 22,000 කට අධික පිරිසක් දැවැන්ත අපහසුතාවයකට පත්ව සිටිනවා.

ජාවා සහ සුමාත්‍රා දූපත් අතර පිහිටි Sunda Strait හි පිහිටි මෙම ගිනිකන්ද පසුගිය සෙනසුරාදා සිට කිලෝමීටර් ගණනාවක් ඈතට ශබ්දය ඇසෙන සේ පිපිරී යාමට පටන් ගත්තා.

 

Jakarta ගුවන්තොටුපළ අක්‍රිය වෙයි

ගිනිකන්දෙන් පිටවූ අළු දුමාරය ජකර්තා හි Soekarno-Hatta ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රදේශයට පැතිරීම නිසා ඉරිදා අලුයම සිට ගුවන්තොටුපළ මෙහෙයුම් කිහිප වතාවක්ම නතර කිරීමට සිදුවුණා.

සිඩ්නි සහ මෙල්බර්න් සිට Jakarta දක්වා ධාවනය වන QF39, QF40, QF41 සහ QF42 යන ප්‍රධාන Qantas flights 4 ම සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා.

ඉදිරියට සිදුවන පිපිරීම්වල ස්වභාවය සහ වෙලාව හරියටම කියන්න බැරි බවයි ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය පවසන්නේ.

 

ටිකට් ගත්ත මගීන්ට ලැබෙන සහන සහ නව නීති

අළු නිසා ගුවන් ගමන් අවලංගු වූ සියලුම මගීන්ට 100% ක Full refund එකක් තහවුරු කර තිබෙනවා.

සැප්තැම්බර් 5 සිට 9 දක්වා ජකර්තා සඳහා Qantas ටිකට්පත් වෙන්කළ මගීන්ට fee-free refund, travel credit හෝ date change සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.

 

නැව් ගමනාගමනයට තහනම්

Sunda Strait හරහා ගමන් කරන නැව්වලට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇති අතර, ගිනිකන්ද වටා කිලෝමීටර 3 ක සීමාවට කිසිදු නෞකාවකට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

1883 දී ලොව භයානකම ගිනිකඳු පිපිරීමක් සිදුකළ Krakatau ගිනිකන්දේ කොටසක් වන මෙය, 2018 දීද සුනාමියක් නිර්මාණය කරමින් පුද්ගලයන් 429 දෙනෙකුට මරණය කැඳෙව්වා. දැනට සුනාමි අවදානමක් නැති බව බලධාරීන් පැවසුවද, ඉදිරි දිනවල ඉන්දුනීසියාව හරහා ගුවන් ගමන් වෙන්කර ඇති අය තමන්ගේ Flight Status එක කලින්ම Check කරගැනීම ඉතාම වැදගත්!

Don't forget to share this post!

Recent Posts