දකුණු අර්ධගෝලයේ ලොකුම Solar Farm එක Sydney වලට

Sydney CBD එකේ පිහිටි International Convention Centre Sydney (ICC Sydney) ගොඩනැගිල්ලේ වහලය මත දකුණු අර්ධගෝලයේ විශාලතම Solar farm එක ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

පැනල 4,500 කින් සමන්විත වන මෙම දැවැන්ත Solar Farm එක මඟින් නිවාස 400 කට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන අතර, එමඟින් වසරකට Carbon emission එක මෙට්‍රික් ටොන් 2,000 කින් අඩු වෙනවා.. මෙය ගස් 100,000 කින් යුත් වනාන්තරයකින් පරිසරයට වෙන මෙහෙවරට සමානයි.

ICC Sydney හි කලින් සූර්ය පැනල තිබුණත්, පැරණි panelsවල බර වැඩිවීම නිසා වහලයේ ඇතැම් කොටස් මත ඒවා සවිකිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

අලුතින් හඳුන්වා දී ඇති බරින් අඩු, වඩාත් කාර්යක්ෂම පැනල භාවිත කිරීම නිසා ගොඩනැගිල්ලේ Solar Footprint එක විශාල ලෙස වැඩි කරගැනීමට හැකිවී තිබෙනවා.

 

බලශක්තිය 300% කින් ඉහළට

Capella Capital හි Asset Management ප්‍රධානී Chris Jones පවසන්නේ මෙම අලුත් පැනල නිසා මීට පෙර නිපදවූ විදුලිය මෙන් 300% ක අමතර බලශක්තියක් නිපදවීමට හැකිවන බවයි.

වහලයෙන් නිපදවන විදුලිය සහ මිලදී ගන්නා Renewable electricity එකතු වීමෙන්, සම්පූර්ණ ICC Sydney ගොඩනැගිල්ලම 100% ක් Green energy වලින් ක්‍රියාත්මක වෙනවා.

 

අවුරුද්දට $1.8M ක Power Bill එක කපාහරින අලුත්ම ක්‍රම සහ සතුන්ට වෙන සේවය

වසරකට ඩොලර් මිලියන 1.8 ක විදුලි බිලක් ගෙවන මෙම ආයතනය, විදුලි පරිභෝජනය අඩු කරගැනීමට අලුත්ම පියවරයන් කිහිපයක්ම ගෙන තිබෙනවා.

ගොඩනැගිල්ලේ තිබූ දහස් ගණනක්, පැරණි විදුලි බුබුළු වෙනුවට අලුත්ම energy-saving බල්බ යොදමින් විදුලි භාවිතය සෙමෙන් අඩු කර තිබෙනවා.

ගොඩනැගිල්ලෙන් ගැලවූ පැරණි පැනල අහක නොදමා, Armidale හි පිහිටි Kindly Animal Sanctuary වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා. එමඟින් තවත් වසර 10-15 ක් තිස්සේ සත්ව අභයභූමියේ විදුලි බිල අඩුකරගනිමින් සතුන්ට උණුසුම ලබාදීමට හැකියාව ලැබෙනවා!

ලෝකයේ පරිසර හිතකාමී බවේ සංකේතයක් ලෙස ICC Sydney කැපී පෙනීම නිසා ඕස්ට්‍රේලියාවට තවත් ජාත්‍යන්තර උත්සව සහ සම්මේලන රාශියක් ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇතැයි බලධාරීන් විශ්වාස කරනවා. නගර බද ප්‍රදේශ වල විශාල rooftop භාවිත කරමින් බලශක්ති පද්ධති නිර්මාණය කිරීමට, අන් නගරවලටත් මෙය ආදර්ශයක්!

Don't forget to share this post!

Recent Posts