Sep 10 වන දින ඕස්ට්‍රේලියාව පුරා Transport Workersලා Strike!

ඕස්ට්‍රේලියාව පුරා Transport sector එකේ සේවය කරන දහස් ගණනක් දෙනා නියෝජනය කරන Transport Workers Union (TWU) එක විසින් එළඹෙන බ්‍රහස්පතින්දා පැය 24 ක දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ වැඩිම පිරිසක් අනතුරුවලට ලක්වන සහ මියයන ක්ෂේත්‍රයක් ලෙස සැලකෙන ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ වඩාත් ආරක්ෂිත, සාධාරණ සහ සුරක්ෂිත රැකියා පරිසරයක් ඉල්ලා මෙම වැඩවර්ජනය සංවිධානය කර තිබෙනවා.

 

strike එකට එකතු වෙන Companies මොනවාද?

බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට අලුයම 4:00 ත් අතර කාලය තුළ පහත සඳහන් ප්‍රධාන සමාගම්වල සේවකයන් පැය 24 ක කාලයක් සඳහා වැඩවර්ජනයට එක්වීමට නියමිතයි

FedEx, Border Express, K&S, SCT, PFD, Sadleirs, Goldstar සහ Qube

අනතුරුදායක ද්‍රව්‍ය ප්‍රවාහනය කරන K&S ChemTrans සමාගමේ සේවකයන් පැය 48 ක දීර්ඝ වැඩවර්ජනයක නිරත වීමට නියමිතයි.

 

ප්‍රවාහන සේවකයන් ඉල්ලන ප්‍රධාන ඉල්ලීම් මොනවාද?

ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි සියලුම සේවකයන්ට සාධාරණ වැටුප් හිමිවිය යුතු බව ඔවුන් පවාසනවා.

කොන්ත්‍රාත් පදනම මත සේවකයන් සූරාකෑම නතර කර රැකියා සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බවත් ඔවුන්ගේ ඉල්ලීම් අතර වෙනවා.

ඉදිරියේදී පැමිණෙන AI සහ Automation නිසා රැකියා අහිමිවීම වළක්වා ගැනීමට සේවකයන්ගේ අදහස්වලට ඉඩක් ලබා දෙන ලෙසත් ඔවුන් ඉලා සිටිනවා.

TWU හි ජාතික ලේකම් Michael Kaine පවසන්නේ, Supermarkets සහ retail දැවැන්තයන් අඩුවියදමින් බඩු ප්‍රවාහනය කිරීමට යාම නිසා මෙම රියදුරන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, විසඳුමක් නැති තැන වැඩවර්ජනයකට යාම හැර වෙනත් විකල්පයක් නැති බවත්ය.

කෙසේ වෙතත්, මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් ALDI සමාගම පවසා සිටින්නේ, තමන් සැපයුම් දාමය පුරාම ආරක්ෂාව, සාධාරණ වැටුප් සහ උපරිම සේවා කොන්දේසි ලබාදීමට කැපවී සිටින බවයි.

පැරණි සමාගම් වන Team Global Express, Toll, Linfox සහ BevChain වැනි ආයතන දැනටමත් සේවකයන් සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. හැබැයි බ්‍රහස්පතින්දා දිනයේදී FedEx ඇතුළු අනෙකුත් සේවාවල Deliveries ප්‍රමාද විය හැකියි!

Don't forget to share this post!

Recent Posts