දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ Melbourne රිය අනතුර

මෙල්බර්න් වල Parwan ප්‍රදේශයේදී අඟහරුවාදා පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාසල නිමවී නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී ඔවුන් ගමන් කළ Four-wheel drive (4WD) රථය Parwan-Exford Road සහ Nerowie පාර අසලදී පාරෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම ඛේදනීය අනතුර සිදු වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Melton South හි Al Iman College හි ඉගෙනුම ලැබූ 7 හැවිරිදි Sarah El Hawli සහ ඇයගේ ඥාති සහෝදරයෙකු වූ 11 හැවිරිදි Ossama El Hawli යන දරුවන් දෙදෙනායි. Sarah අඟහරුවාදා දිනයේදී පාසලේ “Student of the Week” සම්මානය පවා දිනාගත් දක්ෂ දරුවෙකු බව පවුලේ ඥාතීන් පවසනවා.

 

අනතුර සිදු වූ ආකාරය සහ තුවාල ලැබූවන්

පස්වරු 4 ට ආසන්නව සිදුවූ මෙම අනතුර වන අවස්ථාවේ රථය තුළ 34 හැවිරිදි කාන්තාවක් සහ කුඩා දරුවන් 7 දෙනෙකු ගමන් කර තිබෙනවා.

රථයේ සිටි අනිත් දරුවන් 5 දෙනාම රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

රථය පදවා ඇත්තේ මියගිය එක් දරුවෙකු ඇතුළු දරුවන් පස්දෙනෙකුගේ මව විසින්. ඇයවද පරීක්ෂණ සඳහා රෝහල් ගතකර පසුව පිටව ගොස් තිබෙනවා.

මෙම හදවත් කම්පිත කරවන සිදුවීමත් සමඟ Australian Islamic Centre ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මියගිය දරුවන් දෙදෙනා වෙනුවෙන් සිය කණගාටුව පළකර සිටින අතර, දරුවන්ගේ අවමංගල්‍ය කටයුතු බ්‍රහස්පතින්දා දින පැවැත්වීමට නියමිතයි.

Victoria Police හි Tony Gentile පවසන්නේ අධික වේගය හෝ මධ්‍යසාර භාවිතය මෙයට හේතු වී නැති බවයි. රථය පාරෙන් ඉවතට පෙරළීමට නිශ්චිත හේතුව තවමත් අභිරහසක් වන අතර, Major Collision Investigation Unit එක මඟින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මෙම අනතුර පිළිබඳ යම් තොරතුරක් හෝ Dashcam දර්ශන තිබේ නම් පොලීසිය වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

පාසල් වේලාවන් අවසානයේ දරුවන් ප්‍රවාහනය කිරීමේදී සහ ග්‍රාමීය මාර්ගවල ගමන් කිරීමේදී රථවාහන පාලනය සහ ආසන පටි (Seatbelts/Child Restraints) නිසි ලෙස පැළඳ සිටීම පිළිබඳව දැඩි ලෙස අවධානය යොමුකිරීම ඉතාමත් වැදගත්.

 

Image credit: www.nine.com.au

Don't forget to share this post!

Recent Posts