ඕස්ට්‍රේලියාවේ Job මාරු කරන්න ඉන්න අයට වාසි වෙන අලුත් නීතියක්..

ඕස්ට්‍රේලියානු වැසියන් මිලියන ගණනකගේ වැටුප් වැඩි කිරීමට සහ රැකියා ක්ෂේත්‍රයේ ඔවුන්ගේ බලය තවත් වැඩි කිරීමට හේතුවන අලුත්ම නීති මාලාවක් ෆෙඩරල් රජය මඟින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අලුත් කෙටුම්පතට අනුව, වාර්ෂිකව ඩොලර් 190,100 ට වඩා අඩුවෙන් ආදායම් ලබන සේවකයන් සඳහා, එනම් රටේ සමස්ත සේවකයන්ගෙන් 90% කටම පනවා ඇති Non-compete clauses (තරඟකාරී ආයතනවල රැකියා කිරීම තහනම් කිරීමේ කොන්දේසි) සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට යෝජනා කර තිබෙනවා..

e61 Institute හි පර්යේෂණවලට අනුව මෙම තහනම් කොන්දේසි ඉවත් කිරීමත් සමඟ, සේවකයන්ගේ වැටුප් 4% කින් එනම් සාමාන්‍ය සේවකයෙකුට වසරකට ඩොලර් 2,500 ක පමණ අමතර ආදායමක් ලැබෙන බවයි පෙන්වා දෙන්නේ.

 

මොකක්ද මේ Non-compete Clause එක කියන්නේ?

සාමාන්‍යයෙන් දැනට ඕස්ට්‍රේලියාවේ 5 දෙනෙකුගෙන් එක් සේවකයෙකුටම තමන්ගේ Employment Agreement එකේ මෙම කොන්දේසිය ඇතුළත් කර තිබෙනවා.

මෙයින් සිදුවන්නේ සේවකයෙකු ආයතනයෙන් අයින් වූ පසු, කාලයක් යනතුරු එකම ක්ෂේත්‍රයේ තවත් තරඟකාරී ආයතනයක job එකක් කිරීමට හෝ තමන්ගේම තරඟකාරී ව්‍යාපාරයක් පටන් ගැනීමට ඇති ඉඩකඩ නීතියෙන්ම ඇහිරීමයි.

 

වෙනත් ජොබ් එකකට මාරුවීමෙන් ලැබෙන වාසිය

Assistant Productivity Minister Andrew Leigh පෙන්වා දෙන්නේ, තමන් දැනට සිටින ආයතනයෙන් වැටුප් වැඩිවීමක් ලබාගන්නවාට වඩා වෙනත් ආයතනයකට මාරුවීමෙන් විශාල වැටුප් වැඩිවීමක් ලබාගත හැකි බවයි.

ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම නීති සංශෝධනය මඟින්:

සේවකයන්ට වඩා හොඳ පඩියක් සහ පහසුකම් තියෙන ආයතනයකට මාරුවීමට සම්පූර්ණ නිදහස ලැබෙනවා.

සේවකයාට වඩාත්ම ගැලපෙන ආයතනයට යාමට ඉඩ ලැබීමෙන් ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන ඵලදායීතාව ද ඉහළ යනවා.

ආයතනයේ Confidential information සහ IP Protection වෙනුවෙන් වෙනම නීතිමය ආරක්ෂාවන් තවදුරටත් පවතිනවා.

 

ව්‍යාපාරික අංශවලින් එල්ලවන විරෝධය

කෙසේ වෙතත්, Australian Industry Group (Ai Group) හි ප්‍රධානී Innes Willox පෙන්වා දෙන්නේ මේ නීතිය මඟින් ව්‍යාපාර දැඩි අර්බුදයකට ලක්විය හැකි බවයි.

ඩොලර් 191,100 ට වඩා අඩුවෙන් පඩි ලබන Sales, Tender සකස් කරන සහ Production plans දන්නා සේවකයන් හදිසියේම තරඟකාරී සමාගම්වලට මාරු වුවහොත් ආයතනවල රහස් පිටතට යා හැකි බවත්, සේවකයන්ට Training එක ලබාදීමට ආයතන බිය වනු ඇති බවත් ඔහු පවසනවා.

නමුත් රජය පවසන්නේ සේවකයන් ආයතනය තුළ තබා ගැනීමට නම් නීති පැනවීම වෙනුවට වඩා හොඳ පඩියක් සහ හොඳ සේවා පරිසරයක් ලබාදීමට ආයතන කටයුතු කළ යුතු බවයි.

ඔයා ඕස්ට්‍රේලියාවේ job එකක් එකක් කරන කෙනෙක් නම්, ලබන අවුරුද්දේ ඉඳන් එන මේ අලුත් Rule එක නිසා ඔයාට Contract එකේ තිබුණු Restrictions නැතුව වෙනත් හොඳ Payment එකක් කරන සමාගමකට මාරු වෙන්න අවස්ථාව ලැබෙනවා!

Don't forget to share this post!

Recent Posts