Sydney/Melbourne නිවාස මිල 10%කින් පහතට!

ඕස්ට්‍රේලියාවේ Property Market එක තුළ විශාල වෙනසක් සිදුවෙමින් පවතින බව අලුත්ම දත්ත මඟින් හෙළිදරව් වෙනවා. විශේෂයෙන්ම සිඩ්නි සහ මෙල්බර්න් වැනි ප්‍රධාන නගරවල පිහිටි ඉහළම වටිනාකමකින් යුත් සුඛෝපභෝගී (High-end / Prestige) නිවාසවල මිල ගණන් ඒවායේ Peak levels වලට වඩා 10% කටත් වඩා පහත වැටී තිබෙනවා.

Cotality හි අලුත්ම වාර්තාවලට අනුව, සිඩ්නි හි මිල අධිකම නිවාසවල (Top 25%) වටිනාකම 10.7% කින් ද, මෙල්බර්න් හි 10.5% කින් ද පහත වැටී තිබෙනවා.. මේ වන විට මෙම නිවාසවල Median value එක සිඩ්නි හි ඩොලර් මිලියන 2.1 ක් සහ මෙල්බර්න් හි ඩොලර් මිලියන 1.2 ක් ලෙස සටහන් වෙනවා.

 

Brisbane, Adelaide සහ Perth වෙතත් බලපෑම පැතිරෙයි

මීට පෙර සිඩ්නි, මෙල්බර්න් සහ කැන්බරා වලට පමණක් සීමා වී තිබූ මෙම මිල පහත වැටීමේ රැල්ල මේ වන විට Brisbane, Adelaide සහ Perth යන නගර වෙතටත් ව්‍යාප්ත වී තිබෙනවා.

අධික මිලක් සහිත Luxury නිවාසවල මිල ගණන් දැඩි ලෙස පහත වැටුණද, සාමාන්‍ය මිල ගණන් යටතේ පවතින කුඩා නිවාස සහ Units (Flats/Apartments) සඳහා තවමත් හොඳ ඉල්ලුමක් පවතිනවා.

Herron Todd White ආයතනයේ CEO වන Peter Maloney පෙන්වා දෙන්නේ මිල අධික නිවාස මිලදී ගන්නා ඉහළ පෙළේ ගැනුම්කරුවන්ට මිලදී ගැනීම් කල් දැමීමේ හැකියාව ඇති නමුත්, අඩු මිල නිවාස සොයන සාමාන්‍ය පවුල්වලට ජීවත් වීමට ස්ථිර තැනක් අවශ්‍ය බැවින් ඔවුන් තවමත් වෙළඳපොළ තුළ රැඳී සිටින බවයි.

අගෝස්තු මාසයෙන් අවසන් වූ වසර තුළ ඕස්ට්‍රේලියාව පුරා වාර්ෂික නිවාස අලෙවිය 2.7% කින් පහත වැටී ඇති අතර, Capital cities වල එය 5.2% ක පහත වැටීමක්.

Ray White Group දත්තවලට අනුව මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා Open homes සඳහා පැමිණෙන පිරිස අඩකින් අඩුවූ අතර, මේ වන විට එම පහත වැටීම නතර වී නැවතත් සුළු උනන්දුවක් පෙන්නුම් කරමින් තිබෙනවා.

Interest rates සහ ජීවන වියදම ඉහළ මට්ටමක පැවතීම නිසා දේපළ වෙළඳපොළේ බලය දැන් Buyerලා වෙත මාරු වී තිබෙනවා. ඔබ ඕස්ට්‍රේලියාවේ First home එක මිලදී ගැනීමට බලාපොරොත්තු වන කෙනෙක් නම්, සාධාරණ මිලකට නිවසක් හොයාගන්න මෙය හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts