Medicare නැතුව රෝහල් යන්න වුණොත් මොකද වෙන්නේ? Australia යන්න කලින් අනිවාර්යයෙන්ම දැනගත යුතු දේ

ඔයා Australia වලට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, නැත්නම් දැනටමත් Visa එකකට apply කරලා තියෙනවා නම්, “Adequate Health Insurance” එහෙමත් නැත්නම් “Condition 8501” ගැන අනිවාර්යයෙන්ම අහලා ඇති. අද අපි කතා කරමු ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද සහ ඇයි මේක මේ තරම් වැදගත් වෙන්නේ කියලා.
කාටද මේ Health Insurance එක අත්‍යවශ්‍ය වෙන්නේ?
Australia වලට දෙන Visas ගොඩකට මේ health insurance එක අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඔයාගේ Visa එකට “Condition 8501” අදාළ වෙනවා නම්, ඔයා Australia වල ඉන්න කාලය පුරාවටම අනිවාර්යයෙන්ම මේ Adequate Health Insurance එක maintain කරන්න ඕනේ.
විශේෂයෙන්ම ඔයා Student Visa (Subclass 500) එකකින් යන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම Overseas Student Health Cover (OSHC) එකක් ලබාගෙන තියෙන්නම ඕනේ. ඔයාගේ Visa එකට මේ condition එක අදාළද කියලා VEVO (Visa Entitlement Verification Online) service එක හරහා ලේසියෙන්ම බලාගන්න පුළුවන්.
Adequate Health Insurance එකකින් මොනවද Cover වෙන්නේ?
ඔයා ගන්න private health insurance policy එක අවම වශයෙන් මේ දේවල් cover කරනවා නම් තමයි වඩාත් හොඳ,
Out-of-hospital medical services: ඒ කියන්නේ රෝහල් ගත වෙන්නේ නැතුව ගන්න ප්‍රතිකාර (GP visits, specialist consultations, pathology tests, x-rays වගේ දේවල්).
Hospital treatment: Public හෝ private hospital එකක නේවාසිකව ගන්න ප්‍රතිකාර.
Medical devices සහ prostheses.
Pharmaceuticals: ඒ කියන්නේ නිර්දේශිත ඖෂධ (prescription medicines).
Ambulance services: හදිසි අවස්ථාවකදී ගිලන් රථ සේවා සහ inter-hospital transfers.
ඇයි අපිට Private Health Insurance එකක් ඕනේ වෙන්නේ?
Australia වල රජයෙන් දෙන universal health insurance scheme එක තමයි “Medicare” කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍යයෙන් visitors ලට (Temporary visa holders ලට) මේ Medicare පහසුකම හිමි වෙන්නේ නැති එකයි.
Medicare ලැබෙන්නේ Australian citizens ලට, permanent visa holders ලට සහ තවත් සීමිත පිරිසකට විතරයි. ඒ නිසා ඔයාට Medicare නැත්නම්, ඔයා රෝහලකට ගියොත් සලකන්නේ ‘private patient’ කෙනෙක් විදිහටයි. එතකොට public hospital ගියත්, private hospital ගියත් ඔක්කොම බිල් ගෙවන්න වෙන්නේ ඔයාටමයි. මේ වියදම ගොඩක් ලොකු වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම private health insurance එකක් තියෙන එක ගොඩක් වැදගත්.
Waiting Period එකක් කියන්නේ මොකක්ද?
Insurance එකක් ගත්ත ගමන් හැම ලෙඩකටම claim කරන්න බෑ. සමහර ලෙඩ වලට ප්‍රතිකාර ගන්න කලින් නිශ්චිත කාලයක් ඉන්න වෙනවා. මේකට තමයි Waiting period කියන්නේ.
සාමාන්‍යයෙන් රජයෙන් අනුමත කරන උපරිම waiting periods වෙන්නේ:
ගැබිනි සහ දරු ප්‍රසූති (Pregnancy and birth) – මාස 12යි.
කලින් ඉඳලම තියෙන ලෙඩ වලට (Pre-existing conditions) – මාස 12යි.
මානසික ප්‍රතිකාර (Psychiatric treatments) – මාස 2යි.
අනෙකුත් සාමාන්‍ය ප්‍රතිකාර වලට – මාස 2යි.
හදිසි අවස්ථාවකදී (Emergencies) මොකද කරන්නේ?
හදිසි අනතුරක් වගේ Emergency අවස්ථාවකදී waiting periods අදාළ වෙන්නේ නෑ. ඒ වගේ වෙලාවට ළඟම තියෙන emergency department එකකට යන්න හරි පුළුවන්. නමුත් සාමාන්‍ය ප්‍රතිකාර ගන්න කලින් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ insurance provider ව contact කරලා ඒ අදාළ ප්‍රතිකාරයට cover එකක් තියෙනවද කියලා අහලා බලන්න අමතක කරන්න එපා.
වැඩිදුර තොරතුරු –https://immi.homeaffairs.gov.au/news-media/archive/article?itemId=1447

Don't forget to share this post!

Recent Posts