Jobs and Skills Australia ආයතනය විසින් ඔවුන්ගේ නවතම 2026 Jobs and Skills report එක එනම් “Pathways to Success” වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. මේ වසරේ මෙම වාර්තාව එළිදක්වන්නේ මංගල Jobs & Skills Month එකට සමගාමීවයි. ඕස්ට්රේලියාවට ගැළපෙන adaptive jobs and skills system එකක් ගොඩනඟන්නේ කොහොමද කියන කාරණය ගැන මේ වාර්තාවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
Labour Market එකේ වර්තමාන තත්ත්වය
කම්කරු වෙළඳපොළ (Labour market) අඛණ්ඩව වෙනස් වෙමින් පවතිනවා. කුසලතා හිඟයක් (skills shortages) අත්දකින රැකියා ප්රතිශතය 2023 දී 36% ක උපරිමයක තිබී 2025 වෙද්දී 29% දක්වා අඩු වෙලා තියෙනවා. නමුත් ජාතික ප්රමුඛතා (national priority) සහිත ක්ෂේත්ර වල තවමත් මේ හිඟය එලෙසම පවතිනවා. ඒ නිසා හුදෙක් skilled people ලා ප්රමාණය වැඩි කරනවාට වඩා පුළුල් විසඳුමක් මේ සඳහා අවශ්යයි.
Skills Utilisation (කුසලතා නිසි ලෙස භාවිත කිරීම)
අපිට දැනට තියෙන කුසලතා රැකියාව තුළ හරියටම පාවිච්චි කිරීම විශාල productivity opportunity එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වුණත් කණගාටුවට කරුණක් නම්, ඕස්ට්රේලියාවේ කාන්තාවන්ගෙන් 33% ක් සහ පිරිමින්ගෙන් 27% ක්ම වැඩ කරන්නේ ඔවුන්ගේ නියම කුසලතා මට්ටමට වඩා පහළ රැකියාවල (occupations below their skill potential) වීමයි.

ඒ වගේම අද වෙද්දී skills requirements ඉතා වේගයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට, construction trade එකේ රැකියා දැන්වීම් වල critical thinking සහ problem-solving කියන කුසලතා ඉල්ලන ප්රමාණය පසුගිය දශකය තුළ තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා.
සැමට සමාන අවස්ථා ලබාදීමේ වැදගත්කම
අනාගත workforce එකේ අවශ්යතා සපුරා ගන්න නම් සමාජයේ හැමෝම මේකට එකතු කරගන්න එක (inclusion) social සහ economic කියන අංශ දෙකටම අත්යවශ්ය කාරණයක්.
වැඩ කරන වයසේ ඉන්න ඕස්ට්රේලියානුවන් 6 දෙනෙක්ගෙන් 1 කෙනෙක් ආබාධිත (disability) තත්ත්වයන් සහිත අය වෙනවා.
නමුත් ඉන් labour market එකට දායක වෙන්නේ 60% ක් පමණයි. ආබාධිත නොවන අයගේ මේ ප්රතිශතය 85% ක් තරම් ඉහළ අගයක් ගන්නවා.

Tertiary education එකක් කරන්න ආසාවෙන් හිටපු adults ලාගෙන් 40% කටම ඒකට සහභාගී වෙන්න බැරි වෙලා තියෙන්නේ කාලය සහ මුදල් (time and cost) කියන ප්රධාන බාධක නිසයි. මේ අතර VET qualification එකක් සම්පූර්ණ කළ First Nations graduates ලාගේ ආදායම කැපී පෙනෙන ලෙස ($20,600 කින්) ඉහළ ගිහින් තියෙන බවත් වාර්තා වෙනවා.
Building National Resilience (ජාතික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම)
Housing, infrastructure, care, සහ energy transition වගේ අංශ වල තවමත් දැඩි සේවක හිඟයක් (persistent shortages) තියෙනවා. මේවට මුහුණ දෙන්න නම් lifelong learning (ජීවිත කාලය පුරා ඉගෙනීම) workforce development එකේ ප්රධාන අංගයක් බවට පත් වෙන්නම ඕනේ.JSA employment projections පෙන්වා දෙන විදිහට, education සහ training සැපයුම labour market එකේ ඉල්ලුමට හරියටම ප්රතිචාර දක්වනවා නම් (responsive) ඉදිරි දශකය තුළ Skill Level 3 සහ 4 රැකියා සඳහා තවත් සේවකයින් 106,000 කට සහාය වෙන්න ඕස්ට්රේලියාවට පුළුවන් වෙනවා.
අනාගතයට සාර්ථකව මුහුණ දෙන්න නම් education සහ training මාර්ග ශක්තිමත් කිරීම, workplace learning සඳහා සහාය වීම, job design එක වඩාත් ආකර්ෂණීය කිරීම සහ රැකියා වෙළඳපොළට එකතු වෙන්න තියෙන බාධක අවම කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.