නව රජයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහත හෙළයි.

  • Home
  • /
  • News
  • /
  • නව රජයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහත හෙළයි.

මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි.එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.මේ අතර ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමාන වන පරිදි තම ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව එම සමාගම දැනුම්දෙයි.එමෙන්ම ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි. 

Don't forget to share this post!

Recent Posts

c8d844df766465a5402fde01ce87770a_1600X1200
July 8, 2025