ශ්‍රී ලංකාවේ වාර්ෂික පිළිකා මරණ සංඛ්‍යාව 19000 ඉක්මවමින් ඉහළට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ වාර්ෂික පිළිකා මරණ සංඛ්‍යාව 19000 ඉක්මවමින් ඉහළට

ශ්‍රී ලංකාවේ කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකාවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව හෙළි වී තිබේ.

මේ වන විට ලෝකය තුළ පිළිකා රෝග ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ සෑම වසරකම පිළිකා රෝගීන් 35,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000කට අධික වන අතර කාන්තාවන් අතර වඩාත් වේගයෙන් ඉහළ යමින් පවතින්නේ පියයුරු පිළිකා අවදානම බව සඳහන් වේ.2023 වසරේ වාර්තා වූ කාන්තා පිළිකා රෝගීන් අතරින් 26% ක්ම අයත් වූයේ පියයුරු පිළිකා කාණ්ඩයටය.

එමෙන්ම පිරිමින් අතර බහුලව වාර්තා වෙමින් තිබෙන්නේ මුඛ පිළිකාවය.2023 වසරේ වාර්තා වූ පිරිමි පිළිකා රෝගීන් අතරින් 12.6% ක්ම මුඛ පිළිකාවට ගොදුරු වී තිබුණි.

වසරක් තුළදී ආසන්න වශයෙන් ළමා පිළිකා රෝගීන් 1,000ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අතර ජාතික පිළිකා ලේඛනයේ නවතම දත්ත අනුව 2021 වසරේදී ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොලය ආශ්‍රිත පිළිකා සහ අස්ති ආශ්‍රිත පිළිකා ආදී ළමා පිළිකා රෝගීන් 1,032ක් හඳුනාගෙන ඇත.

 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025