සවුදි අරාබියේ පැවැත්වෙන IPL ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය

  • Home
  • /
  • Sports
  • /
  • සවුදි අරාබියේ පැවැත්වෙන IPL ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 24 සහ 25 යන දෙදින තුළදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ සවුදි අරාබියේ ජෙඩා නගරයේදීය.IPL ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ ඉන්දියා සහ ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ තුන්වන සහ සිව්වන දිනවලදී වීම තවත් විශේෂත්වයකි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කරන්නේ මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 1,574ක් ලියාපදිංචි වී ඇති බවය.ඉන් 1,165 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයන් වන අතර ක්‍රීඩකයන් 409 දෙනෙකු විදෙස් ක්‍රීඩකයන් වන බව වාර්තා වෙයි.

මෙවර වෙන්දේසියට ලියාපදිංචි වී ඇති වැඩිම ක්‍රීඩකයන් ගණනක් ලියාපදිංචි වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙනි.

මේ අතරින් කණ්ඩායම් 10ක් විසින් ක්‍රීඩකයන් 204 දෙනෙකු 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තෝරා ගනු ලබයි.ඉන් විදෙස් ක්‍රීඩකයන් 70 දෙනෙකු කණ්ඩායම් තුළට ඇතුළත් කරගැනීමට නියමිතය.එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 25 දෙනෙකු තෝරා ගත හැකි වේ.මෙවර පංජාබ් කිංග්ස් කණ්ඩායම වැඩිම මුදලක් සමගින් ක්‍රීඩක වෙන්දේසියට එක්වන අතර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අඩුම මුදල රඳවාගනිමින් වෙන්දේසියට එක්වෙනු ඇත.

Don't forget to share this post!

Recent Posts

607a3b3deb736a09783ac6aa7adc4a94
June 17, 2025