මහනුවර රාජධානියේ විසූ සිංහල උරුමය සහිත අවසාන උරුමක්කරු ලෙස හැදින්වෙන දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවිය වටා ගෙතුණු ඉතිහාස පුවතේ කලාත්මක පිළිඹිබුවක් ලෙස “දේවි කුසුමාසන” චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.
මෙය ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ තිර රචනයක් හා අධ්‍යක්ෂණයක්. නයෝමි අප්සරා සහ ජානකි විජේරත්න නිෂ්පාදනයක් වන මෙය සංගීතයෙන් හැඩ කරන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනූ දිනේෂ් සුබසිංහ.
පෘතුගීසීන්ට එරෙහිව නැවත සිංහලේ කිරුළ දිනාගැනීමට සටන්වැදුණු කොනප්පු බණ්ඩාර (පසුව 1වන විමලධ්රමසූරිය රජු) කුමරුගේ වෑයම සහ සිහසුනේ උරුමක්කාරිය ලෙස කුසුමාසන කුමරිය මුහුණ පාන සිදුවීම් මැදින් ගලායන ඉතිහාසගත ආදර කතාවක් ලෙස මෙය තිරයට නගා තිබෙනවා.
කුසුමාසන දේවිය හා කොනප්පු බණ්ඩාර ලෙස ජනප්‍රිය රංගන ශිල්පීන් වන උදාරි වර්ණකුලසූරිය සහ හේමාල් රණසිංහ රංගනයෙන් දායක වන අතර මහේන්ද්‍ර පෙරේරා, මේඝ සූරියආරච්චි, බුද්ධික ජයරත්න ඇතුළු ඔබ ආදරය කරන තවත් රංගන ශිල්පීන් රැසක් මෙම සිනමා සිතුවම හැඩ කරනවා.
ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග ශ්‍රී ලංකාව පුරා සාර්ථකව තිරගත වන “කුසුමාසන දේවි” මෙම ජුනි 22 වනදා සිට මෙරට පුරා සිනමාහල් රැසකදී තිරගත කිරීමට “අවකාශ” entertainment සූදානම්.
දර්ශන වාර:
Chadstone – MELBOURNE
June 22, 2025 – 6PM
June 29, 2025 – 6PM
July 6, 2025 – 6PM
Fountain Gate – MELBOURNE
June 29, 2025 – 6PM
Werribee – MELBOURNE
June 29, 2025 – 6PM
South Morang – MELBOURNE
July 6, 2025 – 6PM
Blacktown – SYDNEY
June 22, 2025 – 6PM
Chatswood – SYDNEY
June 22, 2025 – 6PM
Belconnen – CANBERRA
June 29, 2025 – 6PM
Dendy Portside in Hamilton – BRISBANE
June 29, 2025 – 6PM
July 6, 2025 – 6PM
Regal Theatre – ADELAIDE
June 29, 2025 – 6PM
Carousel – PERTH
July 6, 2025 – 6PM
අදම ticket වෙන්කරවා ගන්න.
Buy Ticket: https://auslankatickets.com/event/devi-kusumasana-movie-australia/