T20 ජාත්‍යන්තර තරගයකදී ලකුණු 7කට කණ්ඩායමක් දැවී යයි.

  • Home
  • /
  • Sports
  • /
  • T20 ජාත්‍යන්තර තරගයකදී ලකුණු 7කට කණ්ඩායමක් දැවී යයි.

ලේගොස් නුවරදී පසුගිය (24) වැනිදා පැවති අයිවරි කෝස්ට් සහ නයිජීරියාව අතර 20යි 20 තරගයේ දී අයිවරි කෝස්ට් කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 7කට දැවී ගියේය.පිරිමි T20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන ලෙස එය වාර්තා පොතට එක්විය.ICC T20 ලෝක කුසලාන අප්‍රිකානු උප කලාපීය සුදුසුකම් ලැබීමේ C කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වුණි.මෙම තරගයෙන් නයිජීරියාව ලකුණු 264ක ජයක් වාර්තා කළ අතර මෙය T20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ලකුණු 10ට අඩුවෙන් රැස්කළ පළමු අවස්ථාව වෙයි.මීට පෙර 20යි 20 ජාත්‍යන්තර තරගයකදී අඩුම ලකුණු සංඛ්‍යාව වූ 10කට කණ්ඩායම් දෙකක් දැවී ගොස් තිබුණි.ඒ මොන්ගෝලියාව, සිංගප්පුරුවට එරෙහිව සහ Isle of Man, එරෙහිව ස්පාඤ්ඤය යන කණ්ඩායම් ය.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025