ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලි‍යක දී ශ්‍රී ලංකාවට රන්,රිදී පදක්කම්

  • Home
  • /
  • Sports
  • /
  • ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලි‍යක දී ශ්‍රී ලංකාවට රන්,රිදී පදක්කම්

රුසියාවේ Sakhalinsk නුවදී පැවැත්වෙන ඈත පෙරදිග ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක සුපුන් සෝමතිලක කිලෝග්‍රෑම් 55 බර පංතිය (පිරිමි) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. 

 

එමෙන්ම සුපුන් විසින් පළමු වරට දිනා ගත් ජාත්‍යන්තර පදක්කම ද මෙයයි. 

 

කිලෝග්‍රෑම් 233 ක බරක් ඔසවමින් සුපුන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, කිලෝග්‍රෑම් 223ක බරක් ඔසවමින් රිදී පදක්කම දිනා ගැනීමට කසකස්ථාන ක්‍රීඩක නූර් බොල්ගේ සමත් විය.

 

මෙම තරගාවලියේ දී කිලෝග්‍රෑම් 61 (පිරිමි) බර පංතියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක සඳූ ජයවර්ධන කිලෝග්‍රෑම් 254 ක බරක් ඔසවමින් රිදී පදක්කමක් දිනා ගත්තේය.

 

එහි රන් පදක්කම දිනාගත් කසකස්තාන ක්‍රීඩක මක්සට් එහිදී කිලෝග්‍රෑම් 257 ක බරක් එසවීමට සමත් විය.

Don't forget to share this post!

Recent Posts

IFYNSO3POSVWIZB6TGWTTQLM
June 16, 2025