පොදු ‍රාජ්‍ය මණ්ඩලීය කරාතේ තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම්

  • Home
  • /
  • Sports
  • /
  • පොදු ‍රාජ්‍ය මණ්ඩලීය කරාතේ තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම්

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී පැවැති  11වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පදක්කම් දිනා ගැනීමට සමත් විය.

 

වයස 21න් පහළ ක්‍රිලෝ ග්‍රෑම් 50 බර පංතිය තරග අංශයෙන් තරුශිකා සේනාරත්න ක්‍රීඩිකාව රිදී පදක්කමත්,වයස 18න් පහළ කිලෝග්‍රෑම් 59 බර පංතිය තරග අංශයෙන් මනුති ඉරුගල්බංඩාර ලෝකඩ පදක්කමත් දිනාගැනීමට සමත් විය.

 

මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය ක‍රන ක්‍රීඩිකාවන් වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියක දී ප්‍රථම වතාවට උතුරු මැද පළාතේ එකම පාසලකින් තරග කර ශ්‍රී ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වීම විශේෂත්වයකි.

Don't forget to share this post!

Recent Posts

stack-chocolated-covered-with-chocolate-syrup
July 5, 2025