චන්දිමාල් ටෙස්ට් පිටියේ ලකුණු 6000 සීමාව පසුකරයි.

  • Home
  • /
  • Sports
  • /
  • චන්දිමාල් ටෙස්ට් පිටියේ ලකුණු 6000 සීමාව පසුකරයි.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකිරීමට දිනේෂ් චන්දිමාල් සමත් විය.තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (8) ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් චන්දිමාල් ලකුණු 29ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ සමග සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 6000 සීමාව පසුකර යාමට ඔහුට අවස්ථාව උදාවිය.

චන්දිමාල් 2011 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදීම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කර අතර, එතැන් සිට මේ දක්වා ටෙස්ට් තරග 86ක ඉනිම් 154කදී ලකුණු 6019ක් රැස්කිරීමට සමත්ව සිටියි.මංගල ටෙස්ට් තරගයේ ඉනිම් ද්විත්වයේම අර්ධ ශතක වාර්තාකල චන්දිමාල්, ටෙස්ට් අර්ධ ශතක 30කට හා ශතක 16කට හිමිකම් කියන ක්‍රීඩකයක් වේ.ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 කඩඉම පසුකළ 7වන පිතිකරුවා චන්දිමාල් වන අතර, එම කඩඉම පසුකළ ලෝකයේ 74වැනි පිතිකරුවා වෙයි.

Don't forget to share this post!

Recent Posts

9blqp8p8_team-sri-lanka_625x300_09_September_24
June 16, 2025