දික්වැල්ලගේ තහනම ඉවතට

  • Home
  • /
  • Sports
  • /
  • දික්වැල්ලගේ තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර ඇත.ඒ අනුව අද (11) දින සිට ඔහුට පැනවූ තහනම ඉවත් වන අතර සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබේ.ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවයි.ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වීමත් සමග නිරෝෂන් දික්වැල්ලට නැවත දැනුම්දෙන තුරු සියලුම ක්‍රිකට් තරග තහනම් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.එම තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කළේය.එම අභියාචනය අනුව දික්වැල්ලට මෙම සහනය ලැබී තිබේ.නීතිඥ සුමින්ද පෙරේරා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රනිල් ප්‍රේමතිලක නිරෝෂන් දික්වැල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

Don't forget to share this post!

Recent Posts

9blqp8p8_team-sri-lanka_625x300_09_September_24
June 16, 2025