2024 දී සංචාරකයින් මිලියන 1.9ක් ශ්‍රී ලංකාවට එයි.

  • Home
  • /
  • News
  • /
  • 2024 දී සංචාරකයින් මිලියන 1.9ක් ශ්‍රී ලංකාවට එයි.

2024 දී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.දෙසැම්බර් මාසයේ ගෙවුණු දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව අනූදහසකට අධික වන බව වාර්තා වේ.2024 වසරේ දී ගත වූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇත.2024 දී ශ්‍රී ලංකාව වෙත වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, චීනය සහ ජර්මනිය යන රටවල්වලිනි.යුරෝපය ඇතුළු බොහෝ රටවල පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවට අධික වශයෙන් සංචාරකයින් ඇදී එමින් පවතී.ඓතිහාසික වැදගත්කමක් සහිත ගාලු කොටුව නැරඹීම සඳහා මේ දිනවල විදේශීය සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් සිටින අතර ශ්‍රී ලංකාවේ බොහෝ සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන වෙත සංචාරකයින් වේගයෙන් ඇදී එමින් පවතී. 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025