ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස 63 දක්වා ඉහළට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස 63 දක්වා ඉහළට

රජයේ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.එය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සංශෝධනය කිරීමට නියමිතය.එම තීරණය හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට විශ්‍රාම යෑමට නියමිතව සිටි අයට අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව හිමිවේ.ඒ අනුව විශේෂඥ වෛද්‍යවරු, සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත සෛල වෛද්‍ය නිලධාරීන්, සියලුම දන්ත සෛල දෛව්‍ය නිලධාරීන්, සියලුම පරිපාලන ශ්‍රේණී වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිර්ඝ කෙරේ.මීට පෙර තිබූ අවුරුදු 65දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 2022 වසරේ දී එවකට ආණ්ඩුව විසින් අවුරුදු 60 දක්වා පහත දැමීය.

Don't forget to share this post!

Recent Posts

ChatGPT Image Jul 1, 2025, 10_48_49 AM
July 1, 2025