ලංකාවේ රසට මිරිසට කැමති පිරිසට Black Pork Curry

  • Home
  • /
  • Yum
  • /
  • ලංකාවේ රසට මිරිසට කැමති පිරිසට Black Pork Curry

අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ කලු Black Pork Curry හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා සැබවින්ම ශ්‍රී ලාංකීය ගමේ ආහාර රසයට ආදරය කරන කෙනෙක් නම්, Black Pork Curry හදන විදිහ ඔයාලට ගොඩක්ම වැදගත් වේවි. කටට සැරට හදා ගත්ත මේ Black Pork Curry එක්ක ඕනෙම දෙයක් රසට කන්න පුළුවන්.

Content – 

අවශ්‍ය ද්‍රව්‍ය:

ඌරු මස් – කිලෝ 01 (තෙල් කෑලි සමග උරහිස හෝ කකුල් ප්‍රදේශය)

රෝස් කර ගත්ත තුන පහ කුඩු – තේ හැඳි 02

අමු මිරිස් – 01

කහ කුඩු – තේ හැඳි 1/2

රෝස් කර ගත්ත මිරිස් කුඩු – තේ හැඳි 02

රස පදමට ලුනු

කුරුදු පොතු – 01

ඉගුරු – අගලක කෑල්ලක්

සේර – අගලක කෑල්ලක්

කරපිංචා – ඉති 02

කපා ගත්ත ලොකු ළුණු – 01

සුදු ළුණු – බික් 5-6

විනාකිරි – තේ හැඳි 01

කරදමුංගු – 02

කරාබු නැටි – 02

රස පදමට ගම්මිරිස් කුඩු

තෙල් – මේස හැඳි 02

වතුර – කෝප්ප ½

 

ඌරු මස් ටික මුලින්ම හොදට සෝදලා තරමක කෑලි වලට කපාගෙන භාජනයකට දා ගන්න. ඒකටම බැදගත්ත මිරිස් කුඩු ටිකයි, ලුනුයි, බැදපු තුනපහ කුඩුයි, කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි දාලා හොඳට කලවම් කරලා මේ තුනපහ ටික හොඳට මස් කෑලි වලට අල්ලා ගන්නකම් විනාඩි 30ක් විතර වහලා තියන්න. ඊළගට මෙය පිසගැනීමට සුදුසු පෑන් එකක ගෙන එයට තෙල් ටිකක් දාන්න. තෙල් ටික රත් වෙනකොට ඒකට කපා ගත්ත ළුණු ටික දාලා විනාඩි දෙකක් විතර මේ ටික බැඳ ගන්න. දැන් මේකටම කරපින්චයි, කරදමුංගු කරාබු නැටියි, සේරයි, ඉඟුරු සුදු ළුණුයි, කුරුදු ටිකයි දාලා තවත් විනාඩි දෙක තුනක් විතර හොඳට සුවද එනකන් උයා ගන්න. කපා ගත්ත අමු මිරිස් ටිකයි විනාකිරි ටිකයිත් දා ගන්න. ඔයාලට මේකට විනාකිරි වෙනුවට සියඹලා අර ගන්නත් පුළුවන්. මේ දෙකෙන්ම කරන්නේ මස් ටික ටිකක් මෙලෙක් කරන එක. අන්තිමටම තුනපහත් එක්ක කලවම් කර ගත්ත මස් ටිකයි වතුර පොඩ්ඩකුයි දාලා පෑන් එකට දාගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරන්න. දැන් අපි මේක විනාඩි 30ක් 40ක් විතර මද ගින්දරේ මස් ටික හොඳට තැම්බෙනකන් උයා ගන්න ඕනේ. උයන අතරතුරේදී ඔයාලගේ රස පදමට ලුණු ඇතිද කියලා බලලා මදි නම් තව ටිකක් දා ගන්න. හොදින් පාට සුවඳ රස එනකන් පිසගන්න. දැන් රස බලන්න.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025