කුසල් ජනිත් ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයට

  • Home
  • /
  • Sports
  • /
  • කුසල් ජනිත් ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බදාදා (8) ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.ඔහු මෙලෙස ඉදිරියට පැමිණ සිටින්නේ ස්ථාන 26ක් පසුකරමින් වීම විශේෂත්වයක්ය.එමෙන්ම මෙම ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතර සිටි පැතුම් නිස්සංක තවදුරටත් තම ස්ථානය රැකගෙන සිටියි. කෙසේ නමුත් ඔහු එක් ස්ථානයක් පසුපසට ගොස් ඇති අතර, මේ වනවිට 7වැනි ස්ථානය හිමිව ඇත.මේ අතර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 7වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත්ව සිටියි.එමෙන්ම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයේ ප්‍රභාත් ජයසූරිය හිමිකරගෙන සිටියි.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025