හිරු දෙවියන් නමදින තෛපොංගල් දිනය අදයි.

  • Home
  • /
  • Blog
  • /
  • හිරු දෙවියන් නමදින තෛපොංගල් දිනය අදයි.

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ. සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට තමන්ගේ කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ අරමුණයි. හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ. ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම ශ්‍රී ලාංකික හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරනු ලබයි. තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන කිරි උතුරවා යාමට සලස්වමින් සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කිරීම වැදගත් වන අතර මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස ද සැලකේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025