දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

  • Home
  • /
  • News
  • /
  • දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව එරට දූෂණ විරෝධී ඒජන්සිය පවසයි.එරට විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සහය අසාර්ථක වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. දකුණු කොරියානු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේ දී අධිකරණය මඟින් ඔහුගේ වරෙන්තුව දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණි.ඔහුට එල්ල වූ චෝදනා බරපතල අතර ඒවා නම් දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇතිකිරීමට උත්සාහ කිරීමයි.දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට ඔහුට සහය දක්වන ජනතාව රැස් වී ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුකළ බාධා නොතකමින් මෙම අත්අඩංගුවට ගැනිමට සිදුකර ඇති බවට විදෙස් වාර්තා වාර්තා කලේය.

Don't forget to share this post!

Recent Posts

ChatGPT Image Jul 1, 2025, 10_48_49 AM
July 1, 2025