ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි සුළං ටර්බයිනයක් කඩා වැටේ.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි සුළං ටර්බයිනයක් කඩා වැටේ.

තද සුළං හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ  වික්ටෝරියා හි සුළං ටර්බයිනයක් කඩා වැටේ.කලාපය පුරා දින කිහිපයක් පැවති තද සුළං හේතුවෙන් වික්ටෝරියා නිරිතදිග ප්‍රදේශයේ සුළං ටර්බයිනයක් කඩා වැටී ඇත.ඊයේ අලුයම Geelong සිට කිලෝමීටර් 80ක් පමණ නිරිත දෙසින් පිහිටි Berrybank සුළං ගොවිපලේදී කඩා වැටුණු සුළං ටර්බයිනය ප්‍රදේශවාසීන් මුලින්ම දැක ඇත්තේ එහි තල බිම කැඩී ගොස් ඇති ආකාරයයි.කඩා වැටීමෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති  අතර ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර සුළඟට හසුවූ  ටර්බයිනය පෙරළී ගොස් තිබේ.කාලගුණ විද්‍යා කාර්යාංශය සඳුදා රාත්‍රියේ පැයට කිලෝමීටර 60 ඉක්මවූ සුළං සුළං වාර්තා කර තිබේ.මෙම ස්ථානයේ සුළං ටර්බයින මීටර් 112ක් උසින් යුක්ත වන අතර Berrybank හෙක්ටයාර 5000ක භූමි ප්‍රමාණයක ටර්බයින 26ක් ඇත.මෙම සිද්ධිය පිළිබඳව WorkSafe Victoria වෙත දැනුම් දී ඇත.

Don't forget to share this post!

Recent Posts

IMG_8338
July 1, 2025