ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානූ එක්දින තරගාවලියේ ඕස්ට්‍රේලියානූ සංචිතය නම් කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානූ එක්දින තරගාවලියේ ඕස්ට්‍රේලියානූ සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් එක්දින තරගාවලිය සඳහා තෝරාගත් ඕස්ට්‍රේලියානු සංචිතය ඊයේ (9)  දින ප්‍රකාශයට පත් කර තිබේ.මෙම සංචිතයට යොවුන් දඟ පන්දු යවන්නෙකු වන තන්වීර් සංගා කැඳවා තිබීම සුවිශේෂිත්වයකි. එමෙන්ම ඉන්දියාවට එරෙහිව පසුගියදා අවසන් වූ බෝඩර්-ගවස්කර් කුසලානයේදී කොන්දේ ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්  ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්කර ඇත.මදකට ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වූ  නිත්‍ය නායක පැට් කමින්ස් මෙම   තරගාවලියට නම්කර නොමැත.කෙසේ නමුත් තවමත්  ඕස්ට්‍රේලියාව මේ දක්වා කණ්ඩායම් නායකයා ප්‍රකාශයට පත්කර නොමැති අතර ස්ටීව් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් දෙදෙනාගෙන් එක් අයෙකු නායකත්වයට පත් කිරීමේ සූදානමක් ඇති බවක්ද වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය ලෙස,

මැට් ෂෝර්ට්,ට්‍රැවිස් හෙඩ්,මාර්නස් ලැබුෂේන්, තන්වීර් සංගා, ජොෂ් ඉන්ග්ලිස්, ඇලෙක්ස් කේරි, ආරොන් හාඩි, ග්ලෙන් මැක්ස්වෙල්, කූපර් කොනොලි, ෂෝන් ඇබට්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, මිචෙල් ස්ටාර්ක්, නේතන් එලිස්, ස්පෙන්සර් ජොන්සන්, ස්ටීව් ස්මිත්,  බෙන් වාර්ෂුයිස්

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025