අමරිකාවේ ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය පිළිබඳ චීනය අදහස් දක්වයි.

  • Home
  • /
  • News
  • /
  • අමරිකාවේ ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය පිළිබඳ චීනය අදහස් දක්වයි.

අමරිකාවේ ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය පිළිබඳ චීනය අදහස් දක්වා ඇති බව වාර්තා වේ.

පසුගිය 21වැනි දා ඇමරිකා ධවල මන්දිරයේ වෙබ් අඩවියේ එම ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය නිකුත් කළ අතර, ඇමරිකාවේ ආයෝජන ප්‍රතිපත්ති යළි සකස් කරනු ඇති බවත්, චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන තවදුරටත් සීමා කිරීම විශේෂ අවධානයක් බවත්, එහි සඳහන් වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය අදහස් දැක් වූ අතර  22 වැනිදා චීන වාණිජ අමාත්‍යාංශය කියා සිටියේ එම ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය චීන ව්‍යවසායන් ඇමරිකාවේ ආයෝජනය කිරීමේ විශ්වාසයට බරපතල හානියක් සිදු කරන බවයි.

ඇමරිකාව එම ආයෝජන ප්‍රතිපත්ති සන්දේශයට අනුව  යමින් අදාළ විධිවිධාන ගතහොත් ද්විපාර්ශ්වික ආයෝජනවලට බාධා වන අතර ඉන් ඇමරිකාවට ද හානි සිදු වනු ඇතැයි ද  චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025