ඕස්ට්‍රේලියාවේ Alfred සුළි කුණාටුව හේතුවෙන් බොහෝ ස්ථාන වසා දමයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ Alfred සුළි කුණාටුව හේතුවෙන් බොහෝ ස්ථාන වසා දමයි.

ඕස්ට්‍රේලියාවේ Alfred සුළි කුණාටුව හේතුවෙන් බොහෝ ස්ථාන වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.  

Tropical Queensland සහ Northern New South Wales හරහා Alfred සුළි කුණාටුවේ බලපෑම් කලාපවල පාසල් සහ ව්‍යාපාර අද සිට වසා දමනු ඇති බවට වාර්තා වේ. 

2 වන කාණ්ඩයේ කුණාටුව හෙට හෝ සෙනසුරාදා පමණ වන විට  ගොඩබිමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් හානිකර සුළං, දැඩි වර්ෂාපතනය සහ හදිසි ගංවතුර ඇතිවීමේ හැකියාව ඇති වෙතැයි වාර්තා වේ.

 සුළි කුණාටුව පැමිණීම අපේක්ෂාවෙන් ක්‍රීඩා සහ අනෙකුත් කටයුතු ද අත්හිටුවා තිබෙන අතර, කුණාටුව වෙරළට ළඟා වන විට ක්වීන්ස්ලන්ත පාසල් 600 කට වැඩි ප්‍රමාණයක් අද වසා දමා ඇති බවට වාර්තා වේ. 

“බලපෑමට ලක් වූ ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පාසල් වසා දමනු ඇති බව ” ක්වීන්ස්ලන්ත අගමැති David Crisafulli ප්‍රකාශ කර තිබේ. 

බොහෝ ළමාරක්ෂක මධ්‍යස්ථාන දැනටමත් වසා දමා ඇති අතර බොහෝ විශ්ව විද්‍යාල අද සිට ඉගැන්වීම නවතා දැමීමට කටයුතු කරයි. 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025