බංග්ලාදේශයේ සිටින ඇමෙරිකානුවන්ට රතු එළියක්

  • Home
  • /
  • News
  • /
  • බංග්ලාදේශයේ සිටින ඇමෙරිකානුවන්ට රතු එළියක්

බංග්ලාදේශයේ ඩකා හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය එරට සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා උපදෙස් නිකුත් කර තිබේ.

ඒ, ඩකා නුවර පැවැත්වෙන විරෝධතා සැලකිල්ලට ගනිමින්ය. 

එරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා පවසා ඇත්තේ, ගාසා ගැටුම්වලට ප්‍රතිචාර වශයෙන් ඩකා සහ රට පුරා විරෝධතා දැක්වීමට විශ්වවිද්‍යාල සිසුන් කටයුතු කරන බවය.

එමෙන්ම තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ප්‍රදේශ මගහැරීමට, යාවත්කාලීන වන මාධ්‍ය වාර්තා අනුගමනය කිරීම, ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වැළැකීම, පෙළපාලිවලින් වළකින ලෙස සහ හදිසි සන්නිවේදනය සඳහා සෑමවිටම ආරෝපිත ජංගම දුරකථනයක් රැගෙන යන ලෙසය.

මේ අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට එරෙහිව බංග්ලාදේශයේ විරෝධතා සිදුකළ පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් එරට පොලීසිය මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් ඩකා අගනුවර ඇතුළු බංග්ලාදේශය පුරා විරෝධතා ආරම්භ වී ඇති බවය.

විරෝධතාකරුවන් ඊශ්‍රායල භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉල්ලමින් සහ බංග්ලාදේශයේ පිහිටි විදෙස් රටලට අයත් ආයතන විනාශ කරමින් වර්ජනයේ නිරත වන බවද පැවසෙයි.

Don't forget to share this post!

Recent Posts

stack-chocolated-covered-with-chocolate-syrup
July 5, 2025