හැරී බෲක් සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාකිරීමෙන් ඉවත්වන සුදානමක්

  • Home
  • /
  • News
  • /
  • හැරී බෲක් සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාකිරීමෙන් ඉවත්වන සුදානමක්

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායක හැරී බෲක් ඉදිරියේදී සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාකිරීමෙන් ඉවත්වන බව නිවේදනය කර ඇත.

නායකත්වයෙන් ඉවත් වූ ජොස් බට්ලර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස හැරී බෲක් නම්කිරීමට එංගලන්ත තේරීම් කමිටුව පසුගියදා කටයුතු කළේය.

එම තීරණයෙන් දින කිහිපයක පසු ඔහු මෙම තීරණය ප්‍රකාශයට පක්කිරීම විශේෂත්වයක්ය.

2025 වාරය වෙනුවෙන් ඉකුත් නොවැම්බර් මාස පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී බෲක් ඉන්දීය රුපියල් කෝටි 6.25ක මුදලකට දිල්ලි කැපිටල්ස් විසින් මිලදී ගනු ලැබීය.

කෙසේ නමුත් එම වෙන්දේසියෙන් පසුව පැවති චැම්පියන්ස් කුසලානයෙන් එංගලන්තය ඉවතට විසිවීමත් සමග ඔහු මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළේය.

ඊට හේතු ලෙස ඔහු ප්‍රකාශකර තිබුණේ එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

කෙසේ නමුත් එම තීරණයට ප්‍රතිචාර ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) බෲක්ට 2027 දක්වා IPL තහනමක් පැනවීය.

 

 

 

Image Credit goes to by : https://www.msn.com/

Don't forget to share this post!

Recent Posts

574
November 9, 2025