දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන පහල්ගම්හි සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.විදෙස් වාර්තා සඳහන් කළේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය. ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ.ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙය බව විදෙස් වාර්තා පවසයි.ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රැගෙන ඒම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා යොදා ඇති බව සඳහන්ය.ඒ අදාළ ප්‍රදේශයට වාහන ගමන් කිරීමේ දුෂ්කරතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව සඳහන්ය.
Image credit goes to by : https://www.aljazeera.com/