ලොව පුරා කුඩා දරුවන්ගෙන් වයස් සීමාවකින් තොරව අමතක නොවන සිනමා චරිතයක් වූ “නීමෝ” සඳහා ආදර්ශ වූ “Clownfish” (ක්ලවුන්ෆිෂ්) නමැති මත්ස්‍යයා අද දැඩි පරිසරමය අභියෝගයකට මුහුණ දී සිටිනවා. නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, සාගර උෂ්ණත්වය ඉහළ යාමට ඔරොත්තු දීම සඳහා මෙම මත්ස්‍යයා ස්වාභාවිකව කුඩා වෙමින් පවතින බවයි.
මෙම සෙවීම සිදුකර තිබෙන්නේ එංගලන්තයේ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥයින් කණ්ඩායමක් විසිනි. ඔවුන් පැපුවා නිව්ගිනියාවේ පිහිටි කොරල් පර සංරක්ෂණ මධ්‍යස්ථානයක ක්ලවුන්ෆිෂ් 134ක් මාස 5ක් පුරා නිරීක්ෂණය කර ඇති අතර, එම කාලය තුළ සෑම මසකම මත්ස්‍යයන්ගේ දිග මැනීමත්, සෑම දින 4-6කට වරක් ජල උෂ්ණත්වය පරීක්ෂා කිරීමත් සිදුකර ඇත.
මෙහිදී හෙළිවී ඇත්තේ මෙම මත්ස්‍යයන්ගෙන් 100කට අධික ප්‍රමාණයක දිග කුඩා වී ඇති බවත්, එය උණුසුම් ජල වාතාවරණයට ඔරොත්තු දීමේ පරිසරමය අනුවර්ථනයක් ලෙස හැඳින්විය හැකි බවත්ය. සාමාන්‍ය ක්ලවුන්ෆිෂ් මත්ස්‍යයක දිග සෙන්ටිමීටර් 11ක් පමණ වන අතර, උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ එම දිග සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි පර්යේෂණයෙන් දැක්වෙන්නේ.
මෙම තත්ත්වය, මත්ස්‍යයාගේ ජීවන චක්‍රයටද දැඩි බලපෑමක් එල්ල කරනවා. විශේෂයෙන්ම, ක්ලවුන්ෆිෂ් මත්ස්‍යයන් කුඩා වීමෙන් ඔවුන්ගේ ප්‍රජනන හැකියාව පහත වැටී ඇති අතර, එය මෙම විශේෂය දිගු කාලීනව පවතිනු ලබන හැකියාවට තර්ජනයක් වේ. එමෙන්ම, මෙම සෙවීම, කොරල් පරවල ජීවත්වන මත්ස්‍යයන්ට උෂ්ණත්වය වැනි පාරිසරික විපර්යාසවලට නිරීක්ෂණය කළ මුල් වාරය ලෙසද සටහන් විය හැක.
මෙය තනි ජීවියෙකුගේ කතාවක් නොවෙයි. සාගර උෂ්ණත්වය ඉහළ යාමට සමඟ මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයකටම අභියෝගයන් මතුවෙමින් පවතී. නීමෝවට ආදරය කළ අප – සිනමා සිතියම් වලින් පිටවී – දැන් මෙම කුඩා මත්ස්‍යයාගේ සැබෑ ලෝකය ගැළවීම සඳහා කටයුතු කිරීමට තීරණය කළ යුතුයි.
සාගර උෂ්ණත්වය වර්ධනය වීමේ ප්‍රධාන හේතු වන්නේ ග්‍රීන් හවුස් වායු සහ මිනිස් ක්‍රියාකාරකම් මගින් ඇතිවන කාබන් වායු විමෝචනයයි. මෙවැනි පරිසරික විපර්යාසයන්ගෙන් බේරා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර සහයෝගිතාවක් සහ දිරියෙන් ගත් පියවරයන් යටතේ සංරක්ෂණ ක්‍රියාමාර්ග සක්‍රිය කිරීමයි.
නීමෝව සිනමා ජීවියෙකු ලෙස පමණක් නොව සත්‍ය මුහුදු ජීවියෙක් කර ඔහුගේ ලෝකය රැක ගෙන – එන පරම්පරාවන්ටත් දැක බලා ගැනීමට සැලැස්වීම අද අපේ වගකීමකි.