2025 “තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා” වාර්තාව අනුව, AI තාක්ෂණයේ වේගවත් දියුණුව හේතුවෙන් තාක්ෂණික ආරම්භක මට්ටමේ රැකියා බොහොමයක් අහිමි වී ඇත. මේ වෙනසින් විශේෂයෙන්ම බලපෑමට ලක්ව ඇත්තේ GEN-Z පරම්පරාවයි.
ගූගල්, ඇපල්, මෙටා, ඇමසන් වැනි ප්‍රමුඛ සමාගම්වලින් නව උපාධිධාරීන් බඳවා ගැනීම 2022 සිට 50%කින් අඩු වී ඇති අතර, 2023දී ආරම්භක මට්ටමේ බඳවා ගැනීම් 25% සිට 7% දක්වා පහත වැටී ඇත.
AI, නිෂ්පාදන, අලෙවිය, පාරිභෝගික සේවා සහ බඳවා ගැනීම් වැනි ක්ෂේත්‍රවලත් භාවිතා වන අතර, AI ක්‍රමවේදයන් මිනිස් ශක්තියට විකල්පයක් වී ඇත.
ස්ටාටප් සමාගම්වලද තත්ත්වය ඒ තරම්ම ය. 2016දී 30%ක් වූ බඳවා ගැනීම්, 2024 වන විට 6% දක්වා පහත වැටී ඇත.
කළමනාකරුවන්ගෙන් 37%ක් පවසන්නේ, GEN-Z පරම්පරාවට වඩා AI මත විශ්වාසය තබන බවයි.
මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ ‘සිග්නල්ෆයර්’ සමාගමේ BEACON AI වේදිකාව ඔස්සේ ලෝකය පුරා ආයතන සහ වෘත්තිකයන්ගේ දත්ත මිලියන 650ක් විශ්ලේෂණය කරමිනි.
ප්‍රධාන පණිවිඩය වන්නේ – තාක්ෂණ උපාධියක් පමණක් දැන් ප්‍රමාණවත් නොවී, AI සමඟ කටයුතු කළ හැකි හැකියාවන් සහ මෘදු කුසලතා ඇතිවීමත්, අනාගත රැකියාවන් සඳහා අත්‍යවශ්‍ය වේ.