තොරතුරු ආරක්ෂාවට තවත් ආරක්ෂක පියවර සයිබර් ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව පවසයි.

  • Home
  • /
  • News
  • /
  • තොරතුරු ආරක්ෂාවට තවත් ආරක්ෂක පියවර සයිබර් ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව පවසයි.

පසුගිය අප්‍රේල් මාසයේ පළමු සතියේදී සිදුවූ සයිබර් ප්‍රහාරයකින් අනතුරුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධති වලට කිසිඳු හානියක් සිදුව නැති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම ප්‍රහාරයෙන් පසු, වහාම ආරක්ෂණ ක්‍රියාමාර්ග ගනිමින් තොරතුරු පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති අතර, දත්ත විනාශය හෝ අහිමිවීමක් සිදු නොවී ඇතැයිත්, පද්ධති කාර්යශීලීභාවයට බලපෑමක් නැතිව කටයුතු කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

සයිබර් ප්‍රහාරය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT|CC) සමඟ එක්ව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එමඟින් ප්‍රහාරයේ ස්වභාවය සහ ආරම්භය පිළිබඳ තොරතුරු සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතී.

දෙපාර්තමේන්තුව පවසන්නේ, ජනතාවගේ දත්ත ආරක්ෂා කිරීම උදෙසා තවත් ආරක්ෂක ක්‍රියාමාර්ග ශක්තිමත් කරන බවත්, තොරතුරු පද්ධති ආරක්ෂාව පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් සිටින බවත්ය.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025