ට්‍රම්ප්ට නැවතත් බදු බලය?

  • Home
  • /
  • News
  • /
  • ට්‍රම්ප්ට නැවතත් බදු බලය?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු නියෝග යළිත් තාවකාලිකව බලාත්මක කිරීමට අවසරක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අභියාචන තීන්දුව ලබා දී ඇත්තේ ෆෙඩරල් අභියාචනාධිකරණය මඟින් වන අතර, එමඟින් ට්‍රම්ප් පරිපාලනයට තවදුරටත් තීරුබදු පනවන්න අවස්ථාව උදාවී ඇත.

ඊයේ (29) නිකුත් කළ පසුගිය වාණිජ අධිකරණ තීන්දුවක් අනුව, එක්සත් ජනපද ව්‍යවස්ථාව අනුව කොංග්‍රසයටම විදේශ වෙළඳාම නියාමනය කිරීමේ බලය හිමි බවත්, ජනාධිපතිවරයාගේ හදිසි බලතල ඒ සීමාව ඉක්මවා යා නොහැකි බවත් තීන්දු කර තිබුණි.

ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින්ද පෙන්වා දී ඇත්තේ, ජනාධිපතිවරයාට සෑම රටකටම ඒකපාර්ශ්විකව තීරුබදු පැනවිය නොහැකි බවයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පාර්ශ්වය එම තීන්දුවට විනාඩි කිහිපයක් ඇතුළතම ප්‍රතිචාර දක්වමින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025