ශ්‍රී ලංකාවේ බදු සතිය අද සිට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ බදු සතිය අද සිට

ජාතික බදු සතිය – “බදු ශක්ති” – අද (ජූනි 2) සිට සැලසුම් සහගතව ආරම්භ වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර, මේ සතිය පුරාම ජනතාව අතර බදු ගෙවීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප‍්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස්. ශාන්ත මහතා පවසා සිටින්නේ, ජූනි 2 සිට 7 දක්වා බදු සතිය පුරා බදු ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වන බවයි.

මෙම සතිය තුළදී ජාතික මට්ටමේ හා පළාත් මට්ටමේ විවිධ වැඩසටහන්, සජීවී වැඩමුළු, සහ ජනතා මූලික දැනුම්දීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025