ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් මහතා ජූනි 3 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම සංචාරය අතරතුර ඔහු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ මුණ ගැසෙන බව තවදුරටත් සඳහන් වේ. එමෙන්ම ඔස්ට්‍රේලියන් හවුස්හිදී පැවැත්වෙන විශේෂ දිවා භෝජන සංග්‍රහයකදී ඔහු ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන අතර, එහි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියද එක්වීමට නියමිතය. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය. මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමයි.
ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් විශාල පිරිසක්ද මෙම සංචාරයට එක්වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සංචාරය, දෙරට අතර නව ද්වීපාර්ශ්වික පරිසරයකට මඟ හරිනු ඇතැයි බලාපොරොත්තු වේ.