මාලදිවයිනට යන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

  • Home
  • /
  • News
  • /
  • මාලදිවයිනට යන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 750 ක් පමණ නිරිත දෙසින් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති Island Paradise යනු පසුගිය වසරේ ඕස්ට්‍රේලියානුවන් 35,000කගේ පමණ ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ සුන්දර ගමනාන්තයක්.

පසුගිය දිනවල මාලදිවයින තුල ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ මහජන විරෝධතා හේතුවෙන් එහි සංචාරය කරන්නන් වෙත Smart Traveller වෙබ් අඩවිය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණා.

ජුනි 5 වන දින එය යාවත්කාලීන කරන ලද Smart Traveller වෙබ් අඩවිය දක්වා සිටියේ මාලදිවයින වෙත සංචාරය කරන්නන් වෙත පැනවූ උපදෙස් වල කිසිදු වෙනසක් නොවන බවයි.

විරෝධතාකරුවන්ගේ බලපෑමට ලක් වූ ප්‍රදේශ මගහැර සිටීමට සහ ආරක්ෂා සහගතව ක්‍රියා කිරීමට මාලිවයිනේ සංචාරය කරන නිවාඩු ගත කරන්නන්ට එය උපදෙස් දී තිබෙනවා.“මහජන විරෝධතා සිදුවිය හැකි අතර ඒවා ප්‍රචණ්ඩකාරී විය හැකිය” යනුවෙන් අනතුරු ඇඟවීමේ සඳහන් විය. 2020 පෙබරවාරි මාසයේ සිට මාලදිවයිනේ ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් සිදුවී ඇති අතර, Hulhumalé හිදී විදේශිකයන් තිදෙනෙකු පිහි ඇනුමට ලක්ව තිබෙනවා. තුවාල ලැබූ විදේශිකයන් අතරට ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුද ඇතුළත්. 2020 මාර්තු මාසයේදී Laamu Gan හි පොලිස් වේග බෝට්ටුවක් ගිනි තැබූ අතර 2021 මැයි මාසයේදී Malé හි සිදුවූ පිපිරීමකින් දේශපාලනඥයෙකුට සහ අසල සිටි අයට තුවාල සිදු විය.

විරෝධතා සහ පෙළපාලි සන්සුන් හා සාමකාමී ලෙස පෙනුනත්, පළාත් පාලන ආයතනවල උපදෙස් දිගින් දිගටම අනුගමනය කරන ලෙසත්  බලපෑමට ලක් වූ ප්‍රදේශ වළක්වා ගැනීම සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙසත් දන්වා ඇත.මහා මාලේ සහ ජනාවාස වූ දූපත් ඇතුළුව නාගරික ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ සහ කල්ලි ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයන් සිදු වන බැවින්  ආරක්ෂක නිලධාරීන් සහ බලධාරීන් ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසත් සංචාරකයින්ට අනතුරු අඟවා තිබුණි.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025