ඉහළ ගිය ශ්‍රී ලංකාවේ බදු ආදායම

  • Home
  • /
  • News
  • /
  • ඉහළ ගිය ශ්‍රී ලංකාවේ බදු ආදායම

2025 වසරේ පළමු මාස 4ක කාලය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම විශාල වර්ධනයක් පෙන්නුම් කරයි. 2024 වසරේ සමාන කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 1,218.07 ක් ආදායම, 2025 මුල් මාස 4දී රු. බිලියන 1,454.67 ක් ලෙස ඉහළ ගොස් තිබේ. මෙය රු. බිලියන 236.60 කින් වැඩිවීමක්, සහ 19.42%ක වර්ධනයක් ලෙස සටහන් වේ.

2025 අප්‍රේල් මාසය තුළ පමණක් බදු ආදායම රු. බිලියන 463.19ක් ලෙස වාර්තා වීමත් එක්ක, මේ වාර්තාවට විශේෂත්වයක් එක්කරයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එම මාසය තුළ වාහන ආනයනය නැවත විවෘත කිරීමයි.

අදාල කාලසීමාව අවසානයේදී, ප්‍රාථමික ගිණුමේ ශේෂය රු. බිලියන 532.73 ක් වූ අතර, සමස්ත අයවැය හිඟය රු. බිලියන 261.61 ක් ලෙස වාර්තා වේ.

 

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025