මෑත වසරවලදී සරම්ප රෝගය ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතී. 2023 දී ලොව පුරා රෝගීන් මිලියන 10.3 ක් වාර්තා වී ඇති අතර එය 2022 වසරට වඩා 20% ක වැඩිවීමකි.
එක්සත් ජනපදය, යුරෝපය සහ බටහිර පැසිෆික් කලාපය (ඕස්ට්‍රේලියාව ඇතුළුව) ඇතුළු ලොව පුරා රටවල වසංගත වාර්තා වෙමින් පවතී. මෙලෙස 2024 සහ 2025 දී වියට්නාමයේ සරම්ප රෝගීන් දහස් ගණනක් වාර්තා වී ඇති බව වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ, 2025 මුල් මාස පහ තුළ පමණක් සරම්ප රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර, 2024 මුළුල්ලේම වාර්තා වී ඇත්තේ රෝගීන් 57 ක් පමණි.
මෙරට තුළ වාර්තා වන සරම්ප රෝගීන් සියල්ලම පාහේ ජාත්‍යන්තර සංචාරවලට සම්බන්ධ වේ. විදේශයන් වෙත ගොස් ආපසු පැමිණෙන සංචාරකයින් හරහා සහ ආසාදිත සංචාරකයෙකු හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් හරහා ප්‍රධාන වශයෙන් ආසාදනය වේ.
සරම්ප රෝගය බොහෝ විට දරුවන් සඳහා බලපාන අතර මෙරටදී මාස 12 දී සහ 18 දී මාත්‍රා දෙකක් ලෙස ලබා දෙන එන්නත් කිරීම තුලින් රෝගය වළක්වා ගත හැකිය.
සරම්ප කියන්නේ මොකද්ද?
Morbillivirus ඝනයට අයත් වෛරසයක් මගින් බෝවන රෝගයක් වන මෙහි රෝග ලක්ෂණ අතර උණ, කැස්ස, ඇස් ඉදිමීම, රත් පැහැ වීම සහ කඳුළු ගැලීම, කිවිසුම් යාම, මුඛය තුළ කුඩා සුදු පැහැති ගැටිති හට ගැනීම, රතු හෝ දුඹුරු පැහැති දද, සහ කැසීම ඇතුළත් වේ.
බොහෝ විට එය මෘදු රෝගයක් ලෙස පෙන්නුම් කළද, රෝහල්ගත්කිරීම් සහ මරණයන්ට පවා හේතු විය හැක.
සරම්ප රෝගය ආසාදනයෙන් වසර ගණනාවකට පසුව වුවද මොළයේ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළු ඇති විය හැක.
මෙරට තුළ, දරුවන්ට මාස 12 දී MMR එන්නත සහ මාස 18 දී MMRV එන්නත් ලබා දෙනු ලැබේ.
රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇති ළදරුවන් සඳහා අමතර මුල් මාත්‍රාවක් ද ලබා දිය හැකිය. ඕස්ට්‍රේලියාවේ, වසංගතයක් ඇති අවස්තාවක හෝ අධි අවදානම් පරිසරයක් ඇති විදේශ රටකට ගමන් කරන්නේ නම්, මාස හයක් තරම් කුඩා ළදරුවන් සඳහා මෙය නිර්දේශ කෙරේ.
ඔබ ආරක්ශිතද?
සරම්ප එන්නත පිළිඹඳ දැනුවත් කිරීම ගෝලීය ප්‍රමුඛතාවයක්ව තිබේ.
1966 න් පසු උපත ලැබූ පුද්ගලයින්ට සරම්ප එන්නත මාත්‍රා දෙකක් ලබා ගැනීම නිර්දේශ කෙරේ. මෙයට හේතුව 1960 ගණන්වල මැද භාගයට පෙර උපත ලැබූ අයට දරුවන් ලෙස සරම්ප වැළඳී ඇති බැවින් ස්වාභාවික ප්‍රතිශක්තිය තිබීමයි.
ඔබේ එන්නත ලබාගත් බව ඔබට විශ්වාස නැත්නම්, ඔබට ඕස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනය (Australian Immunisation Register) හරහා මෙය පරීක්ෂා කළ හැකිය. ඔබට ලේඛනගත වාර්තාවක් නොමැති නම්, උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඔබට මෙම එන්නත ලබා ගත හැකිය. මේ සඳහා ඔබගේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගන්න.