Queensland සෞඛ්‍ය බලධාරීන් විසින් තවත් මැලේරියා රෝගීන් දෙදෙනෙකු පිළිබඳව සොයා ගැනීමත් සමග, වසරේ මේ දක්වා ප්‍රාන්තය තුල සොයා ගත් මුළු ආසාදිත සංඛ්‍යාව 71 ක් බවට පත් වේ. මෙම වසරේ රෝගීන්ගෙන් සියයට 97 ක් පමණ විදේශයන්ගෙන්, එනම් ප්‍රධාන වශයෙන් පැපුවා නිව්ගිනියාව සහ සොලමන් දූපත් වලින් පැමිණ ඇති බව බලධාරීන් තහවුරු කර ඇත.
මැලේරියාව යනු මදුරුවන් මගින් මිනිසුන්ට පැතිරෙන ජීවිතයට තර්ජනයක් විය හැකි ආසාදනයකි. මෙම රෝගය බොහෝ දුරට නිවර්තන රටවල දක්නට ලැබෙන අතර රෝග ලක්ෂණ ලෙස තෙහෙට්ටුව, ව්‍යාකූලත්වය, සහ හුස්ම ගැනීමේ අපහසුතා ආදිය දැකිය හැක.
මාතෘ බෝවන රෝග අධ්යක්ෂ පෝල් ග්‍රිෆින් මහතා පැවසුවේ, “අපට රට පුරාම මැලේරියාව සම්ප්‍රේෂණය කළ හැකි මදුරුවන් නොමැති නමුත් නිසැකවම අපේ රටේ වඩාත් නිවර්තන ප්‍රදේශවල, උතුරු ප්‍රදේශයේ සහ ක්වීන්ස්ලන්තයේ උතුරු ප්‍රදේශවල අවදානමක් ඇත” යන්නයි. “ඒ නිසා අපි ඒ ප්‍රදේශවල ජනතාවට ප්‍රාදේශීය වශයෙන් රෝගය සම්ප්‍රේෂණය වීමේ අවස්ථාව අඩු කරන්න උපදෙස් ලබා දීම අවශ්‍යයි. වඩාත් සැලකිය යුතු මැලේරියා වර්ග මගින් මොළයට හානි විය හැකිය, එනම් මස්තිෂ්ක මැලේරියාව සහ මරණය පවා සිදුවිය හැකිය.”
මේ තත්වය පිලිබඳ විශේෂයෙන් සලකා තත්වය පාලනය කරගැනීමේ වැදගත්කමද ඔහු අනාවරණය කළේය. මදුරු දෂ්ටන වැළක්වා ගැනීමෙන් සහ සුදුසු ඖෂධ මගින් මැලේරියාව වළක්වා ගත හැකිය.