කල් පවතින වෙනසක් ගැන සාකච්ඡාවකට අගමැති සැරසෙයි. විශේෂඥයින්ටත් ආරාධනා

  • Home
  • /
  • News
  • /
  • කල් පවතින වෙනසක් ගැන සාකච්ඡාවකට අගමැති සැරසෙයි. විශේෂඥයින්ටත් ආරාධනා

අගමැති ඇන්තනී ඇල්බනීස් මහතා මෙම වසර අගභාගයේදී කැන්බරාහි සිටින විශේෂඥයින්, වෘත්තීය සමිති සහ ව්‍යාපාරික නායකයින් කැඳවා ආර්ථික වර්ධනය සඳහා අදහස් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

ජිම් චාමර්ස් විසින් මෙහෙයවන “Further Economic Reform” සඳහා පසුබිම සකස් කිරීමේ අරමුණ ඇතිව වර්ධනය සහ ඵලදායිතාව යන තේමාවන් පිළිබඳ අගෝස්තු මාසයේදී සාකච්චා කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යතුමා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

රජය ක්‍රියා කිරීමට ජනවරමක් ලබාගෙන ඇති බවද අවශ්‍ය වන්නේ ස්ථාවර හා භෞතික ක්‍රියාමාර්ගවලට මග පාදන සංවාදයක් සහ ඵලදායී විවාදයක් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. මෙම පියවර ඇල්බනීස් රජයේ මුල් කාලය තුළ පැවති රැකියා සහ කුසලතා සමුළුව (Jobs and Skills Summit) පිළිබිඹු කරයි.

කම්කරු පක්ෂයේ මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කිරීම ඔහුගේ ප්‍රමුඛතම කාර්යය ලෙස දක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේ මෙම වටමේස සාකච්ඡාව “දිගුකාලීන, කල් පවතින වෙනසක්” කරා යොමු කිරීමට තමන්ට අවශ්‍ය බවයි.

 

Image Credit goes to by : https://www.channelnewsasia.com/world/australias-albanese-says-he-wont-call-election-april-cyclone-approaches-4985031

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025