Melbourne වල නොමිලේම විනෝද වෙන්න හොඳම තැන් ටික මෙන්න

  • Home
  • /
  • Blog
  • /
  • Melbourne වල නොමිලේම විනෝද වෙන්න හොඳම තැන් ටික මෙන්න

සල්ලි නෑ කියල ගෙදරට වෙලා ඉන්න ඕනේ නෑ. මෙන්න අපි ගෙනාව සතයක්වත් වියදම් නොකර යන්න පුළුවන් Melbourne වල තියන සුපිරි තැන් ටිකක්.

RISING: Night Trade 

ජුනි 4 – 15

RISING: Night Trade  එකට ඇවිත් පුදුම හිතෙන මේ අත්දැකීම ලබා ගන්න. අමුතුම විදිහේ කලාවක් එක්ක පුදුමසහගත ඉදිරිපත් කිරීම් ගොන්නක් අත්විදින්න. Micro-bars, DJ, Karaoke ඇතුළු ගොඩක් දේවල් එකම තැනකින්. කලා කෘතියක් ඇතුලේ ඉන්නව වගේ දැනෙන වෙනස්ම විදිහේ laser light show එකකුත් මෙතනට එන ඔයාට බලාගන්න පුළුවන්.

Winter Night Market

ජුනි 4 – අගෝස්තු 27

ගින්දර අත්දැකීමකට Winter Night Market එකට එන්න. ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ. හිතාගන්න බැරි ඉදිරිපත් කිරීම් වලින් පුදුම වෙන ගමන් silent disco එකක නටන්න. හිත පිරෙන කෑම ගොඩක් එක්ක hot mulled wine, boozy spiced milo. හිත පිරෙන්න shopping කරන්න අමුතුම shops ගොඩකුත් මෙතන තියනවා.

Auto-Photo: A Life in Portraits

අගෝස්තු 16 දක්වා

Flinders Street Photobooth එකෙන් කවදා හරි  photo එකක් අරගෙන තියනවද? එහෙනම් මේ පැරණි තාලේ selfie spots මොන වගේ අත්දැකීමක්ද කියල ඔයා දන්නවා. මේක පිට්පස්සේ ඉන්න වීරයා තමයි ඇලන් ඇඩ්ලර්. මෙයා අවුරුදු 50 කටත් වැඩි කාලයක් මෙල්බර්න්වල photobooth එකක් පවත්වාගෙන යන කෙනෙක්. ඇලන් සහ එයාගේ photobooth විශාල පිරිසකට ගෙනැවිත් ඇති සතුට සමරන්නත් එක්කම RMIT Gallery එකේ තියන මේ ප්‍රදර්ශනයට නොමිලේම ඔයත් ඇවිත් යන්න. 

Sea Shanties and Folk Songs

මැයි 29 – දෙසැම්බර් 18

නාවිකයින්ට හිස නමා ආචාර කරන ගමන් සියවසක් පැරණි ගොඩනැගිල්ලක මුහුදු කොල්ලකරුවෙක් වගේ ජීවත් වෙන්න. දුම් පයිප්පයක් එක්ක නොමිලේම ලැබෙන මුහුදු පැල්පත් ගායනා සැසියකදී සද්දෙට සින්දුවක් කියන්න. ඔබෙන්ම කොල්ලකාපු සල්ලි වලින් රම් එකක රස බලන්නත් පුළුවන්. මේ මුහුදු කොල්ලකරුවෙක් වගේ ජීවත් වෙන්න ලැබෙන අවසාන අවස්ථාවයි. මග හැර ගන්න එපා.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025