New York නුවරට එන අම්බානි කලා උළෙල – NMACC Weekend

  • Home
  • /
  • Blog
  • /
  • New York නුවරට එන අම්බානි කලා උළෙල – NMACC Weekend

නීතා මුකේෂ් අම්බානි සංස්කෘතික මධ්‍යස්ථානය (NMACC) විසින් සැප්තැම්බර් මාසයේදී නිව්යෝර්ක් නගරයේ දින තුනක සංස්කෘතික උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහිදී ඉන්දියාවේ පොහොසත් කලා උරුමයන් ලොවට විදහා දක්වනු ඇත. Reliance පදනමේ සභාපතිනි නීතා අම්බානි මහත්මියගේ නායකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම කලා උලෙළ සැප්තැම්බර් 12 සිට 14 දක්වා නිව්යෝර්ක් නගරයේ ලින්කන් මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

නීතා මුකේෂ් අම්බානි සංස්කෘතික මධ්‍යස්ථාන සති අන්තය (The Nita Mukesh Ambani Cultural Centre Weekend) විසින් ඉන්දියානු කලාකරුවන් රැසක් ජාත්‍යන්තර වේදිකාව මතට ගෙන එනු ඇත. කලා ලොවේ සුපතල ගමනාන්තයක් වන නිව්යෝර්ක් නගරය, මෙම දින තුනක ඉන්දියානු උරුමය සැමරීම සඳහා  සුදුසුම ස්ථානයක් වනු ඇත.

2023 දී අම්බානි විසින් මුම්බායි නගරයේ ආරම්භ කරන ලද  “නීතා මුකේෂ් අම්බානි සංස්කෘතික මධ්‍යස්ථානය”, ලොව පුරා සිටින කලා තරු පිරිවරාගත් දීප්තිමත් උත්සවයකින් විවෘත කරන ලදී. මෙම වසරේදී, එම දීප්තිය රැගෙන New York නගරයට පැමිණීමට නීතා අම්බානි සූදානමින් සිටියි

“මගේ දරුවන් සමඟ Lincoln Center සහ Sydney Opera House එක නැරඹීමෙන් පසු, ඉන්දියාවට මෙවැනි ස්ථානයක් නැත්තේ ඇයිදැයි කියා මම කල්පනා කළා. නර්තනය, නාට්‍ය, සංගීතය, ජනප්‍රවාද, සහ ශිල්ප කලා යොදාගෙන  අපගේ සංස්කෘතික උරුමය ප්‍රදර්ශනය කළ හැකි අවකාශයක් නිර්මාණය කිරීමට මම උනන්දු වුණා” යැයි නීතා අම්බානි වරක් පැවසුවාය.

Nita Mukesh Ambani Cultural Centre Weekend එකට එන කෙනෙක්ට දැකගන්න පුලුවන් දේවල්:

මෙම උත්සවයේ පෙළගැස්ම තවමත් හරියට ප්‍රකාශ කර නැතත්, Grand Swagat හෙවත් සමාරම්භක උළෙල ලින්කන් චතුරශ්‍රයේ Damrosch Park හිදී සනිටුහන් කරනු ඇත. ක්‍රිකට් පිලිබඳ සාකච්ඡා කරන මණ්ඩලයක්, නර්තන ශිල්පී Shiamak Davar විසින් මෙහෙයවනු ලබන බොලිවුඩ් නර්තන වැඩමුළුවක්, යෝගා විශේෂඥ එඩී ස්ටර්න් සමඟ දෛනික යෝග ව්‍යායාම පිළිබඳ වැඩමුළුවක් සහ තවත් බොහෝ දේද එහිදී ඔබට දැකගත හැක. මෙම අවස්ථාවට බොලිවුඩ් ගායක ශංකර් මහාදේවන්, ශ්‍රෙයා ගෝෂාල් සහ සම්භාව්‍ය සංගීතඥ රිෂාබ් ෂර්මා ද සහභාගී වනු ඇත.

‘The Great Indian Musical: Civilization to Nation’ සජීවී ප්‍රසංග නැරඹීමේ අවස්ථාව ලින්කන් මධ්‍යස්ථානයෙදී උදා වේ. මෙම උත්සවවලදී අම්බානි අත්යන්ත්‍ර රෙදිපිළි සළුපිල්, සුප්‍රසිද්ද ඉන්දියානු මෝස්‌තර නිර්මාණකරුවෙක් වන මනීෂ් මල්හෝත්‍රා විසින් මෙහෙයවන විලාසිතා දැක්මක් සහ සූපවේදී විකාස් ඛන්නා විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙනුවක් ඇතුළත් ආරාධිතයින්ට පමණක් පැවැත්වෙන උත්සවයක්ද පැවැත්වේ. “NMACC ඉන්දියාව පිලිබඳ ලෝකයේ මිනිසුන්ට අවබෝධ කර දීමට අපූරු කාර්යයක් කරන අතර, ඉන්දියාව ලෝකයට ගෙන ඒමේ ඇගේ දැක්ම සමඟ, මෙහි කොටසක් වීම නියත වශයෙන්ම ගෞරවයක්” යැයි ඛන්නා පැවසීය.

ඉතා කුඩා කල සිටම, නීටා අම්බානි ප්‍රාසාංගික කලාවන් සඳහා දක්ෂතාවයක් පෙන්නුම් කළ අතර ඇය දක්ෂ භරතනාට්යම් ශිල්පිනියක්ද වෙනවා. ඇගේ මංගල භරත රංගනය සඳහා ඒ කාලයේ ඇගේ දෙමාපියන්ට රංග ශාලාවක් සොයා ගැනීමට වත්කමක් නොවුණු අතර “කලාව සහ ශිල්පීන් සඳහා යමක් කිරීමේ බීජ හැඩගැසුණේ ඒ කාලයේදීයි” වරක් ඇය පැවසුවාය. ඇය  NMACC Weekend හි පළමු දිනයේදී රඟ දක්වන බවත් අම්බානි පැවසුවාය. NMACC Weekend මඟින් ඉන්දියානු සංස්කෘතිය සැමරීම සහ එය ගෝලීය ප්‍රජාවට වඩාත් සමීප කිරීම අරමුණු කරයි.

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025