වසරේ දැවැන්තම ගෘහ නිර්මාණ ප්‍රදර්ශනය

  • Home
  • /
  • Blog
  • /
  • වසරේ දැවැන්තම ගෘහ නිර්මාණ ප්‍රදර්ශනය

2025 ජුනි 12 වන බ්‍රහස්පතින්දා – 2025 ජුනි 14 වන සෙනසුරාදා දෙදින මෙල්බර්න් සම්මේලන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී

ඕස්ට්‍රේලියානු ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සහාය ඇතිව පවත්වනු ලබන ArchiBuild Expo කියන්නේ ගෘහ විද්‍යාත්මක ගොඩනැගිලි නිෂ්පාදන ද්‍රව්‍ය සහ පද්ධති (architectural building products materials and systems) සඳහා වන ප්‍රමුඛතම ප්‍රදර්ශනයයි.

මේක ප්‍රවීනතම ගෘහ නිර්මාණ සැලසුම් සහ ගොඩනැගිලි වෘත්තිකයන් දහස් ගණනක් සහභාගී වන දැවැන්ත ප්‍රදර්ශනයක්. අපගේ දැනට පවතින හා ඉදි කිරීමට බලාපොරොත්තු වෙන ගොඩනැගිලි අලංකාරව සහ නිවැරදිව ඉදිකර ගැනීම සඳහා පුදුමසහගත හා අති නවීන ගොඩනැගිලි නිෂ්පාදන ද්‍රව්‍ය, තාක්ෂණය සහ ශිල්ප ක්‍රම කළ හැකි ආකාරය ප්‍රදර්ශනය කරයි. 

ඉතින් ගෘහ නිර්මාණ ශිල්පය පිළිඹඳ උනන්දුවක් දක්වන හෝ අලුත් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට බලාපොරොත්තු වෙන, එහෙමත් නැතිනම් පවතින ගොඩනැගිලි වලට අලුත් පෙනුමක් ලබා දීමට බලාපොරොත්තු වෙන ඔබට වටිනා අදහස් ගොන්නක් පිරි හොඳම අවස්තාවක් මේක. මගහැර ගන්න එපා.

දිනය: 2025 ජුනි 12 වන බ්‍රහස්පතින්දා – 2025 ජුනි 14 වන සෙනසුරාදා

වේලාව: පෙ.ව. 10 සිට ප.ව. 5 දක්වා

ස්ථානය: මෙල්බර්න් සම්මේලන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානය (2 ක්ලැරෙන්ඩන් වීදිය, දකුණු වෝෆ් වික්ටෝරියා 3006)

වැඩිදුර තොරතුරු සඳහා : www.designshow.com.au

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025