ලංකාවේ සහතිකවල සහතික කළ පිටපත් මෙහෙ Consulate General එකෙන් ගන්න පුළුවන් බව දැනගෙන හිටියද?
ඔබ Victoria, South Australia හෝ Tasmania ප්‍රාන්ත වල ජීවත් වන්නෙක් නම්, 1960 න් පසු උප්පැන්න සහතික, විවාහ සහතික සහ මරණ සහතිකවල සහතික කරන ලද පිටපත් මෙම කාර්යාලය හරහා ඔබට ලබා ගත හැකිය.
ඒ සඳහා වූ ඔබගේ ඉල්ලීම නිවැරදිව පුරවන ලද අයදුම්පතත් සමඟ විද්‍යුත් තැපෑලෙන් (mail@slcgmel.org) හෝ තැපෑලෙන් යොමු කළ හැකිය. අදාළ අයදුම්පත ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවිය හරහා download කරගන්න.
මේ සඳහා ගෙවීම් කරන්නේ කෙසේද?
උප්පැන්න/විවාහ/මරණය සහතික කිරීම සඳහා ගාස්තුව: AUD 46
email හරහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට, ඔබට කොන්සල් ජනරාල් කාර්යාලයේ බැංකු ගිණුම වෙත බැංකුවක් හරහා මුදල් බැර කළ හැකිය. අයදුම්කරු විසින් කරන ලද ඉල්ලීම පරිදි අදාළ බැංකු ගිණුම් විස්තර අයදුම්කරු වෙත යොමු කරනු ඇත.
තැපෑල හරහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට: අදාළ ගාස්තුව ගෙවා මුදල් ලබන්නා ලෙස “Consulate General of Sri Lanka in Melbourne” යැයි සටහන් කරන ලද තැපැල් මුදල් ඇණවුම (Postal Money Order (Australia Post))/බැංකු කුවින්තාසිය අයදුම්පත සමඟ එවිය යුතුය.
සියලුම ලියකියවිලි පහත ලිපිනයට යැවිය යුතුය;
Consulate General of Sri Lanka in Melbourne
Suite 536, No. 1, Queens Road
Melbourne
Victoria 3004
සහතිකය ලබා ගන්නේ කෙසේද?
ඔබට මෙම සහතික කාර්යාලයෙන් ඍජුවම හෝ තැපැල් මගින් ගෙන්වා ගත හැක.
ඔබේ සහතිකය ලබා ගැනීම සඳහා කලින් වෙන් කරවා ගැනීමක් කිරීමට අවශ්‍ය නොවේ. සහතික ලබා ගන්නා ලෙසට ඔබට email පණිවිඩයක් හරහා දැනුම් දුන් පසු, ඕනෑම වැඩ කරන දිනයක පෙ.ව. 9.15-9.30 හෝ ප.ව. 1.30 -1.45 අතර කොන්සල් ජනරාල් කාර්යාලයට පැමිණ ඔබේ සහතිකය ලබා ගත හැකිය. කාර්යාලය වෙත යාමට පෙර, රජයේ නිවාඩු දින හේතුවෙන් වසා දමා ඇතිදැයි ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා පරීක්ෂා කිරීමෙන් ඔබට සිදුවන අපහසුතා මගහරවා ගත හැක.
ඔබට සහතික කළ ලේඛන/ලේඛනය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්, අයදුම්පතෙහි අදාළ පරිදි Via registered Post යන්න සලකුණු කර ඔබේ ලිපිනය නිවැරදිව අදාළ ස්ථානයේ ලියන්න. ලේඛන/ලේඛනය ලියාපදිංචි තැපෑලෙන් ඔබට ලැබෙන අතර, පසු විපරම් කිරීම සඳහා වූ අංකය (tracking number) ඔබට විද්‍යුත් තැපෑලෙන් එවනු ලැබේ.
අයදුම්පත බාගත කරගැනීමට සහ වැඩිදුර තොරතුරු සඳහා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න:
https://www.slcgmel.org/certification-of-birth-death-marriage-certificates/