උඩු යටිකුරු වෙන මාර්ග නීති – ජූලි 1 වන දින සිට රට පුරා ක්‍රියාත්මකයි

  • Home
  • /
  • News
  • /
  • උඩු යටිකුරු වෙන මාර්ග නීති – ජූලි 1 වන දින සිට රට පුරා ක්‍රියාත්මකයි

ජූලි 1 වන දින සිට රට පුරා රියදුරන්ට දැඩි දඩ මුදල් සහ දැඩි වේග සීමාවන් ඇතුළුව මාර්ගවල නව වෙනස්කම් රාශියක් සිදුවනු ඇත.

රට පුරා ක්‍රියාත්මක වන AI බලයෙන් ක්‍රියාත්මක වන නිරීක්ෂණ කැමරා පද්ධතිය ආධාරයෙන්, රියදුරන්ගේ ජංගම දුරකථන හඳුනාගැනීමේ ක්‍රියාවලිය ජාතික වශයෙන්ත වැඩිදියුණු කිරීමට නියමිතයි.

මෙම කැමරාවලට තම ජංගම දුරකථන භාවිතා කරන, අල්ලාගෙන සිටින හෝ ස්පර්ශ කරන රියදුරන් හඳුනාගැනීමට හැකියාව ඇත.

දුරකථනය භාවිත කරමින් රිය පැදවීමේදී අල්ලා ගන්නා අයට 1209$ දක්වා දඩ මුදලක් නියම කළ හැකි අතර demerit point 5ක් දක්වා අහිමි විය හැකිය. Traffic lights අසල වාහනය නතර කර තිබෙන විට පවා රියදුරන්ට දුරකථනය භාවිතා කිරීම තහනම් වේ. 

මාර්ග අනතුරු වලින් සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවීමත් සමග ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බොහෝ ප්‍රාන්තවලට නව වේග සීමා නිර්දේශ කර ඇත.

NSW

ජූලි 1 වන දින සිට ප්‍රාන්තය තුළ නිරීක්ෂණ කටයුතු තවදුරටත් ඉහළ දමන බැවින් ආසන පටි පැළඳීමට අපොහොසත් වන රියදුරන්ට ඉහළ දඬුවම්වලට මුහුණ දීමට සිදුවේ.

මේ වන විට ක්‍රියාත්මක වන ජංගම දුරකථන හඳුනාගැනීමේ කැමරා මගින් ආසන පටි පැළඳ නොසිටින අය හඳුනා ගැනීමට ද කටයුතු යොදා ඇත. 

NSW හි මාර්ග අනතුරු නිසා සිදුවන මරණ වලින් 15% ක් සඳහා හේතු වන්නේ ආසන පටි නොපැළදීමයි. NSW රජයට අනුව, 2019 සහ 2023 අතර ආසන පටි පැළඳ නොසිටි පුද්ගලයින් 150 ක් මිය ගොස් ඇත.

රියදුරන් නිසි දැනුම්දීම් වලින් තොරව නීති උල්ලංඝනය කිරීම්වලට හසු වන බවට පැමිණිලි කිරීමෙන් පසුව, වසංගතය සමයේ හඳුන්වා දුන් ටිකට් රහිත වාහන නැවැත්වීමේ දඩ මුදල NSW විසින් ඉවත් කිරීමට නියමිතය.

Victoria

ජූලි 1 වන දින සිට, මාර්ග රීති 79A හි සිදුවන වෙනස්කම් වලට අනුව වික්ටෝරියා හි රියදුරන්ට, 10km/h හෝ ඊට අඩු වේගයකින්  මන්දගාමීව ගමන් කරන හෝ ස්ථාවර පොලිස් මුරපොළවල් සහ හදිසි හෝ පරිවාර වාහන (emergency or escort vehicles) වෙත ළඟා වන විට සහ පසුකර යන විට 40 km/h දක්වා වේගය අඩු කිරීමට අවශ්‍ය වේ.

පෙර හදිසි සහ නීතිය ක්‍රියාත්මක කරන වාහන සඳහා (emergency and law enforcement vehicles) පමණක් අදාළ වූ නමුත් නව රීතියට අනුව ඕනෑම ඇදගෙන යන ට්‍රක් රථ (tow trucks) හෝ සිදුවීම් ප්‍රතිචාර වාහන (incident response vehicles) රතු, කහ, නිල් හෝ මැජෙන්ටා ආලෝක සංඥා දල්වමින් හෝ අනතුරු ඇඟවීම් නාදයක් නිකුත් කරමින් ගමන් කළ යුතුය.

මෙම මාර්ග රීති අංක 79A හි සිදුවන වෙනස්කම් නිදහස් මාර්ග ඇතුළුව සියලුම මාර්ග වර්ග සඳහා අදාළ වේ.

මෙම නීති අනුගමනය කිරීමට අපොහොසත් වන රියදුරන්ට 346$ ක දඩයක් සහ උපරිම 961$ ක දඩයක් නියම විය හැකි නමුත්, demerit points අහිමි නොවේ.

Queensland

ජූලි 1 වන දින සිට ක්වීන්ස්ලන්ත වැසියන් සඳහා මෝටර් රථ ලියාපදිංචි මුදල සහ දඩ මුදල් 3.4% කින් වැඩි වනු ඇත.

හිටපු කම්කරු රජය විසින් ලියාපදිංචි කිරීම් සහ දඩ මුදල් 2025 සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක වීම අත්හිටුවීමට තීරණය කර තිබූ නමුත්, ජූලි මාසයේ සිට එම තීරණය අවලංගු කෙරේ.

වේගයෙන් රිය පැදවීම, ජංගම දුරකථන භාවිතය සහ ආසන පටි නොපැළදීම ආදිය සඳහා දඩ මුදල් වැඩි කිරීමට නියමිතය.

Hervey Bay Esplanade සහ ඒ අවට ප්‍රදේශ ද ඇතුළුව, ප්‍රාන්තය පුරා සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල වේග සීමාවන් 50km/h සිට 40 km/h දක්වා අඩු කිරීමට නියම කර ඇත.

South Australia

දකුණු ඕස්ට්‍රේලියානු රියදුරන්ට මාර්ග බාධකයක් හෝ amber lights දැල්වෙන recovery vehicle එකක් පසුකර යන විට 25km/h දක්වා වේගය අඩු කිරීමට නියම කෙරෙනු ඇත.

මෙම නව රීතිය බහු මංතීරු මාර්ගවල වාහන සඳහා පමණක් අදාළ වන අතර මාර්ගයේ අනෙක් පස ගමන් කරන වාහන සඳහා මෙය අදාළ නොවේ.

මෙලෙස වේගය අඩු කිරීමට අපොහොසත් වීමෙන් 1648$ දක්වා දඩ මුදලක් සහ demerit points හතක් දක්වා අහිමි විය හැකිය.

Western Australia

ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල මාර්ගවල වේග සීමාවන් සැලකිය යුතු ලෙස අඩු කෙරේ.

Bussell අධිවේගී මාර්ගයට බටහිරින් වන sealed roadsවල, වේග සීමාවන් 80km/h – 100km/h සිට 70 km/h දක්වා අඩු කෙරේ.

Gracetown වෙත ඇතුළු වන Bayview Drive ඇතුළු ප්‍රදේශවල ප්‍රධාන නාගරික මාර්ගවල වේග සීමාවන් 70km/h සිට 60 km/h දක්වා අඩු කෙරේ.

Margaret ගඟ සහ Prevelly අතර ප්‍රදේශයේ, 70km/h සිට 110km/h දක්වා පැවති වේග සීමාවන් 60km/h දක්වා අඩු කිරීමට නියමිතය.

Augusta නගර මධ්‍යයේ සහ අවට වීදිවල රියදුරන්ට අධික පදික ක්‍රියාකාරකම් හේතුවෙන් 40 km/h ක වේග සීමාවකට අවනත වීමට සිදුවනු ඇත.

Don't forget to share this post!

Recent Posts

504793669_2269992823403799_1760860088040497991_n
June 16, 2025