හෙළ ගී තාල ලොවට නාද කළ රන්වල බලකාය ඕස්ට්‍රේලියාවට

  • Home
  • /
  • Events
  • /
  • හෙළ ගී තාල ලොවට නාද කළ රන්වල බලකාය ඕස්ට්‍රේලියාවට

ලොව පුරා කොතන සිටියත් සිංහල ජන ගීයට බෙර පද තාලයට හුස්ම වැටෙන ආදරණීය රසික ප්‍රජාවට හොඳම ආරංචියක් මේක. අපට උරුම වූ දේත් අහිමි වූ දේත් අනාගත පරපුරට දායාද කරලීම අරමුණු කරගෙන දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය රසික මන පෝෂණය කළ සංස්කෘතික නිධානයක් ලෙස රන්වල පදනම එහෙමත් නැත්නම් රන්වල බලකාය කා අතරත් ප්‍රසිද්ධයි.

ඉතින් මෙම උරුමය රැගෙන රන්වල බලකාය මෙම ජුනි මාසයේදී මෙරටට පැමිණ තිබෙනවා.

දේශීය තාලයන් හා මුසු වූ වෙනස්ම අත්දැකීමකට ඔබටත් මෙම “ලංකාර ලංකා – 2025 – ඇසිදිසි වැඩමුළු මාලාව” හා සම්බන්ධ විය හැකියි. මෙය Brisbane හා Tasmania හි වැඩමුළු සාර්ථකව නිමා කරමින් මෙම ජුනි 22 වන දින මෙල්බර්න් වෙත පැමිණීමට නියමිතයි.

ඔබට සවස් කාලයේ “ලංකාර ලංකා” ඇසිදිසි වැඩමුළුව හා සම්බන්ද විය හැකි අතර ඉන් පසුව “ලංකාර ලංකා” සංස්කෘතික සංදර්ශනය නැරඹීමට අවස්ථාව ලැබෙනවා. Events by Sanka Ratnaike Team එක තමයි ඉතින් මේ වැඩේ මේ විදියට ලස්සනට සංවිධානය කරලා තියෙන්නේ.

“ලංකාර ලංකා” ඇසිදිසි වැඩමුළුව

දිනය: 2025 ජුනි 22

වේලාව: 2.00PM 

ස්ථානය: Chandler Theatre, Acacia Campus, 28 Isaac Rd, Keysborough 

ටිකට්පත් මිලදී ගැනීමට: https://auslankatickets.com/onlineticket.php?eventid=1401483 

“ලංකාර ලංකා” සංස්කෘතික සංදර්ශනය 

දිනය: 2025 ජුනි 22

වේලාව: 6.00PM  

ස්ථානය: Chandler Theatre, Acacia Campus, 28 Isaac Rd, Keysborough 

ටිකට්පත් මිලදී ගැනීමට: https://auslankatickets.com/onlineticket.php?eventid=1399672 

Don't forget to share this post!

Recent Posts

c8d844df766465a5402fde01ce87770a_1600X1200
July 8, 2025