Social Media වලින් මට්ටු නොවී වැඩක් ගන්න – “Soorya” සමග ඔබ, ඔබව සොයා යන්න

  • Home
  • /
  • Events
  • /
  • Social Media වලින් මට්ටු නොවී වැඩක් ගන්න – “Soorya” සමග ඔබ, ඔබව සොයා යන්න

එක පාරක් වැටුණ මිනිහෙක්ට අයෙත් ගොඩ යාමක් ඇත්තෙම නැද්ද? ඔන්න අමුතු කතාවක් අරගෙන අමුතුම විදිහේ film එකක් සිංහල සිනමාවට එනවා.

සංකීර්ණ වෙන ජීවිත ඇතුලේ අම්ම තාත්ත දූ දරුවන් අතර තියන සම්බන්ධය ටික ටික දුරස් වේගෙන යනවා වගේම මේ ජීවිත වල විශේෂ තැනක් Social Media වලට හිමි වෙනවා. අලුත් පරම්පරාව අතර මේක ගොඩක්ම විශේෂ දෙයක් වුනත් ගොඩක් වැඩිහිටියන්ගෙන්නම් මේකට ලැබෙන්නේ වැඩිය හොඳ ප්‍රතිචාර නෙවෙයි.

ඇත්තටම මේ Social Media කියන තරම්ම නරකද? මේකෙන් මිනිහෙක්ට ගොඩ යන්නම බැරිද? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යන අමුතු කොල්ලෙක්ගේ කතාවක් අරන් තමයි “Soorya” චිත්‍රපටිය ඔබ අතරට එන්නේ. පවුලේ හැමෝමත් එක්ක එකට ඇවිත් ඔයත් Soorya බැලුවොත් හැමදාම තියන ඔයාගේ ප්‍රශ්න වලට අලුත්ම විදිහේ උත්තරයක් ඔයාට ලැබෙයි. 

රොනල්ඩ් දසනායකගේ වෙනස්ම කතාවක් මෙලෙස තිරයට නගන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනූ “Rush” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මහේෂ් මුණසිංහ විසින්. ඒ වගේම දිනේෂ් මුතුගල සිය කුළුඳුල් නිෂ්පාදනයත් සමගින් Soorya හරහා රිදී තිරයේ දැකගන්න පුළුවන්. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කාගේත් ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙකු වන ජනිත් වික්‍රමගේ. ඒ සමගම ඔබ ආදරය කරන සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වගේ දක්ෂ තරු රැසක් රංගන දායකත්වය ලබා දීලා තියනවා. 

Cast එක දැක්ක ගමන්මත් හිතාගන්න පුළුවන්නේ වැඩේ මොන වගේද කියල. කතාව, අධ්‍යක්ෂණය, රංගනය වගේම පාවිච්චි කරලා තියන තාක්ෂණය අතිනුත් මේක සුපිරි වැඩක් කියලා Trailer එක බලපු අයනම් දැනටමත් දන්නවා. 

අද වන විට දරුවන් සහ දෙමාපියන් අතර තියන බැඳීම ගැන අලුතින් හිතන්න උනන්දු කරවන එක වගේම Social Media ගැන සමාජය තුළ තියන සමහර වැරදි ආකල්පයන් වෙනස් කරන එක චිත්‍රපටියේ මුලිකම අරමුණක් කියල තමයි ජනිත් වික්‍රමගේ ප්‍රකාශ කළේ. “මට පසුගිය කාලයේ ආරාධනා ලැබුණු චිත්‍රපට අතරින් කාලෙකට පස්සේ මම කැමති උන කතාවක් තමයි Soorya කියන්නේ. The Game චිත්‍රපටියෙන් පස්සේ ඒ වගේම හොඳ නිර්මාණයකට දායක වෙන්න ඕනේ කියන අදහසින් තමයි මම හිටියේ. මේක The Game චිතරපටියටත් වඩා ප්‍රේක්ෂකයින් වැළඳ ගනියි කියලා මට විශ්වාසයි. මම රංගන ශිල්පියෙක් විදිහට මේ නිර්මාණය ගැන ඉතාම සතුටු වෙනවා වගේම තව ඉදිරියට මීටත් වඩා හොඳ නිර්මාණ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.”

ජුලි 4වන දා ශ්‍රී ලංකාව තුළ තිරගත වීම ආරම්භ වන Soorya ඔබේ නගරයටත් ගෙන ඒමට දැන් ඕස්ට්‍රේලියාවේ Events ගොඩක් සංවිධානය කරන මාලක සිල්වා ඇතුළු කණ්ඩායම සූදානම්. Social Media වලින් මට්ටු නොවී, ඔට්ටු වෙන හැටි දැනගන්න පවුලේ හැමෝම එකට ඇවිත් Soorya බලන්න කියලත් ආරාධනා කරනවා. දිනන්න ඕනෙනම් අනිවාර්‍යෙන්ම නරඹන්න

 

Fountain Gate – MELBOURNE

July 6, 2025 – 6PM

 

Glen Waverley – MELBOURNE

July 13, 2025 – 6PM

 

Regal Theatre – ADELAIDE

July 13, 2025 – 6:30PM

 

South Morang – MELBOURNE

July 20, 2025 – 6PM

 

Werribee – MELBOURNE

July 27, 2025 – 6PM

 

අදම ඔබේ ටිකට්පත් වෙන්කරවා ගන්න.

https://auslankatickets.com/event/soorya-movie-australia/

Don't forget to share this post!

Recent Posts

342506
June 17, 2025