ඕස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය යනු කුමක්ද?

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය යනු කුමක්ද?

ඕස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය යනු කුමක්ද?

මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය (Early Childhood Education and Care – ECEC) කියන්නේ අලුත උපන් බිළිඳුන්ගේ සිට පාසල් යන තෙක් දරුවන් දක්වා ලබා දෙන විධිමත් ඉගෙනුම් ක්‍රියාවලියක්. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ සමාජීය, ශාරීරික, චිත්තවේගීය, පුද්ගලික, නිර්මාණාත්මක සහ සංජානන කුසලතා වර්ධනය කරන එක. 

මේක පාසල් අධ්‍යාපනය වගේම විධිමත් ඉගෙනුම් රාමුවක් ඇතුලේ සුදුසුකම් තියන අධ්‍යාපනඥයින් විසින් ලබා දෙනවා. දරුවන්ට ලබාදෙන ගුණාත්මක මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය වගේම සෞඛ්‍ය සම්පන්න මුල් ළමාවිය සංවර්ධනයත් දරුවන් පාසල් අධ්‍යාපනය සඳහා සූදානම් කරන්න උදවු වෙනවා.

මුල් ළමාවිය අධ්‍යාපනයට දායක වෙන පුද්කලයින් කවුද?

මේ සඳහා එක් එක් අවස්ථාව අනුව විවිධ පුද්ගලයින් දායක වෙනවා.

  • මුල් ළමාවිය ගුරුවරුන්
  • මුල් ළමාවිය අධ්‍යාපනඥයින්
  • අධ්‍යාපන නායකයින්
  • සහායක කාර්ය මණ්ඩලය (ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම් වැනි කටයුතු සඳහා)
  • අධ්‍යක්ෂවරුන් සහ කළමනාකරුවන්

ළමුන් තුළ ගුණාත්මක ප්‍රතිඵල ඇති කිරීමට මේ සුදුසුකම් ඇති කාර්ය මණ්ඩලය ලොකු සහයෝගයක් ලබා දෙනවා.

2021 දී, ACECQA විසින් National Children’s Education and Care Workforce Strategy 2022–2031 (ජාතික ළමා අධ්‍යාපන සහ රැකවරණ ශ්‍රම බලකා උපායමාර්ගය 2022–2031) නිකුත් කළා. ඉදිරි වසර 10 තුළ මුල් ළමාවිය ගුරුවරුන් සහ අධ්‍යාපනඥයින්, තිරසාර සහ උසස් තත්ත්වයේ ශ්‍රම බලකායක් ලෙස පවත්වාගෙන යාම මෙම උපාය මාර්ගයේ අරමුණ වෙනවා.

Early Childhood Education and Care එතරම් වැදගත් වන්නේ ඇයි?

ECEC දරුවන්ට පමණක් නෙවෙයි, ඔවුන්ගේ පවුල්වලට සහ රටේ ආර්ථිකයටත් ප්‍රතිලාභ ලබා දෙනවා. මෙය ජීවිත කාලය පුරාවටම බලපාන සංවර්ධනය සහ ඉගෙනීම සඳහා අවශ්‍ය අඩිතාලම දමනවා වගේම පසුකාලීනව වඩා හොඳ සෞඛ්‍ය, අධ්‍යාපනික සහ රැකියා ප්‍රතිඵල කරා යොමු කරන්නත් මේක බලපානවා. පෙර පාසල් යන දරුවන් සාපේක්ෂව ප්‍රාථමික පාසලේ ආරම්භක කටයුතු වලට වඩා හොඳින් අනුගත වෙනවා.

මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය පිළිබඳ රජය විසින් දත්ත හා වාර්තා නිරන්තරයෙන් නිකුත් කරනවා. ඒ යටතේ එහි භාවිතය, සේවා, ගාස්තු සහ සහනාධාර පිළිබඳ කාර්තුමය වාර්තා නිකුත් කරන අතර සෑම වසර 3 කට වරක් ජාතික ශ්‍රම බලකා සංගණනයක් පැවැත්වෙනවා. එමෙන්ම සෑම වසර 3 කට වරක් දරුවන් පාසල් අධ්‍යාපනය ආරම්භ කරන විට වර්ධනය වී ඇති ආකාරය මැනීම සඳහා රට පුරා සංගණනයක් ද පැවැත්වෙනවා.

Early Childhood Education and Care සඳහා නිසි පරිසරයක් සොයා ගන්නේ කොහොමද?

ඔබට StartingBlocks.gov.au රජයේ වෙබ් අඩවිය  හරහා සියලුම ECEC සේවාවන් සොයා ගැනීමට සහ සංසන්දනය කිරීමටත් හැකියාව තියනවා.

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025