කිරි රසට කැමති අයට – හදමු අද කිරි ටොෆි

  • Home
  • /
  • Yum
  • /
  • කිරි රසට කැමති අයට – හදමු අද කිරි ටොෆි

කිරි ටොෆි සදා ගන්නා පහසුම ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය 

  1.ලොකු මිල්ක් මේඩ් ටින් 1 යි (510g)                              

  2.වතුර ටින් 1/2 (හිස් මිල්ක් මේඩ් ටින් එකෙන්)

  3.සීනි 200g

  4.කජු 100g

  5.බටර් 75g

  6.වැනිලා තේ හැදි 1

සදාගන්නා ක්‍රමය

පලමුව බේකින් ට්‍රේ එකක් ගෙන එයට පාච්මන්ට් පේපර් එකක් එලා ගන්න එය පසෙකින් තබාගන්න. ඊලගට තරමක කට ලොකු භාජනයක් ලිප තබා එයට මිල්ක් මේඩ් ටින් එක දමා එම ටින් එකෙන්ම වතුර භාගයක් දමන්න. සීනි එකතු කර හොදින් දිය වෙනතුරු කලවම් කරන්න. ඉන් පසුව ලිප තබා උකු මිශ්‍රණයක් වෙනතුරු හෙමින් හැදිගාන්න.(මේ සදහා ලී පත්තක් වැනි හැන්දක් භාවිතා කරන්න ).තරමක් උකු වේගන එනවිට එයට වැනිලා සහ බටර් එකතු කරන්න. මෙසේ විනාඩි 20ක් පමණ ගතවූ පසු කජු ටික එකතු කරන්න .මිශ්‍රණය හොදින් උකුවී පතුලේ නොඇලෙන ගානට එනවිට කලින් සකසාගත් ට්‍රේ එකට වත්කර අගල් භාගයක් පමණ ඝනකමට හොදින් තුනී කරගන්න. මතු පිටට තවත් පාච්මන්ට් පේපර් කෑල්ලක් දමා හොදින් තද කර තුනී කරන්න. දැන් මදක් නිවෙන්නට තබා කෑලි කපාගන්න. සම්පූර්ණයෙන්ම නිවෙන්න තබන්න එපා. එවිට කෑලි කපාගැනීමට අපහසු වේවි. හොදින් නිවුනු පසු කෑලි වෙන්කරගන්න.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025